IMG-LOGO

අලි වෙඩි දෙකක් සමග ජන රැළියකට ආ අයෙක් අල්ලයි

(ක.ග.කරුණාරත්න)
 
පොළොන්නරුවේ පැවති දේශපාලන රැළියකට අලි වෙඩි 2ක් රැගෙන පැමිණි පුද්ගලයකු අද(08) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

සැකකරු මනම්පිටිය, දළුකාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රැළිය ආරම්භකිරීමට පෙර ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කඩප්පල්කාරී ක්‍රියාවක් සඳහා අලි වෙඩි රැගෙන ආවේද යන්න සෙවීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (12)

අලි වෙඩි දෙකක් සමග ජන රැළියකට ආ අයෙක් අල්ලයි

sirimal Friday, 08 November 2019 10:44 AM

ජනාධිපතිවරණයේ පළමුවෙනි වෙඩිමුරය තලාතුඔයෙන් පටන් ගත්තා කියනවනේ. දැන් පොළොන්නරුවෙන් ගිනිකෙළි සංදර්ශනය පටන්ගන්නද සැලසුම් කරලා තියෙන්න ඇත්තේ? සමහරුන්ගේ රැළිවලට බලාපොරොත්තු වුණාට වැඩි "සුවිසල් ජන ගඟක්" සහභාගී වීම ගැන තවත් සමහරු අන්දුන් කුන්දුන් වෙලා කියලත් කියනවා...

:       318       356

ThilinaFriday, 08 November 2019 11:19 AM

අම්මෝ ඔව් ඔව්. පුදුම ජනකායක්නේ එන්නේ. සෙනග දැකලා ඇස් දෙකම පොට්ට වෙලාම ගිහිල්ල වගේ. ඔය ගතිය හරි යනවා 17 වෙනිදා හවස් වෙනකොට ගෝඨාභය දිවුරුම් දෙනකොට.

:       468       453

sirimalFriday, 08 November 2019 12:00 PM

2015 දී අපිත් ඔහොම තමයි හිතාගෙන හිටියේ. එදා සෙනඟ විතරක් නෙවේ... අපේක්ෂකයාගේත් තිබුණේ ඇස් පොට්ටවෙන පුදුමාකාර දිස්නයක්. ඒ වුණාට දෙපාරක්ම රටේ මිනිස්සු අපි හිතන ජාතියේ වහල්ලු නෙවේ කියලා පෙන්නුම් කරා. පව් අප්පා...!!!

:       114       215

GobbayaFriday, 08 November 2019 11:45 AM

සිරිමල් මහත්තයෝ, බලාපොරොත්තු වුණාට වැඩි "සුවිසල් ජන ගඟක්" කිව්වේ අර ධීවර සම්මේලනයට ආව ජනගඟ වගේද? බස්දාලා සෙනඟ ඇද්දේ නැතිනම් හුළං තමයි! අපි දැක්කා තව ගාල්ල පැත්තේ රැස්වීමකට තිරප්පනේ ඉඳලා සෙනඟ ඇවිල්ලා ඉන්නවා. අනේද කියන්නේ...

:       51       31

sirimalFriday, 08 November 2019 12:13 PM

මේ සේරම හිතාගෙන ඉන්නේ මම අනුරගේ හරි සජිත්ගේ හරි සෙනඟ ගැන කතා කළා කියලයි. ඒ වුණාට මගේ අදහස ගෝඨාභයගේ සෙනඟ ගැනත් වෙන්න බැරි නැහැ නේද? එහෙම කිපු නිසාම මෙහෙමත් කියන්නම්කෝ එහෙනම්. ඔන්න අද සේනානායක මුණුපුරා පොළොන්නරුවේ තිබ්බ පොහොට්ටුවේ රැස්වීමට එකතුවෙලා. ලැබෙන්න තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙන වැඩක් මේක. යන එන මන් නැතිව එහාට මෙහාට පනින්න බලාගෙන ඉන්න සේරම දැන් ගෝඨාභය මහත්තයාගේ වේදිකාවේ... දිනන්න නම් අඩුම ගණනේ සිංහල ඡන්ද 65%ක් වත් ගන්න වෙන අවස්ථාවක සියලු පැනීම් වාර්තා බිඳහෙලන ජාතියේ කට්ටියක් එකතු කරගෙන කොහොමද දිනන්නේ? මට ඇහුණා කවුදෝ කියනවා හොරණ රැස්වීමේ කෙනෙක් "අලිවැටක්" ඉල්ලුවා කියලත්... බස් දාලා සෙනඟ අදින එක කාටත් පොදුයි. ඒවා දැකලා "වැඩේ හරි.. වැඩේ හරි .." කියලා උඩ පනින එක තමයි පරාජයේ ආරම්භය...

:       108       166

BamunuarachchiSunday, 10 November 2019 06:50 AM

සිරිමල්, ශ්‍රී ලංකා කෙනෙක් සජිත්ට එකතු උනොත් විතරද එජාපෙට ඡන්ද එකතු වෙන්නේ ? එජාපෙ කෙනෙක් ගෝඨාභය මහතාට එකතු උනොත් ගෝඨාභය මහතාට ඡන්ද ලැබෙන්නේ නැද්ද? අනේ මෙහෙම මැටි හරක් ටිකක්. 2015 අපිත් හිතුවේ නැහැ ලංකාවේ මැට්ටෝ ලක්ෂ 62 ක් ම ඉන්නවා කියලා. හැබැයි මේ සැරේ සජිත් දින්නොත් ඒ සිංහල බෞද්ධයාගේ අවසානය තමයි. ඒ අවසානය සිංහලයාට දෙන්නේ සජිත් නොවෙයි රනිල්.

:       0       0

chinthana Friday, 08 November 2019 11:04 AM

රැළිය ඉවර වෙලා ගෙදර යද්දී රෑ වෙනවනේ... එතකොට අලි පාරට එනවා. එ් නිසා අලින්ගෙන් බේරිලා ගෙදර යන්න අලි වෙඩි අරන් එන්න ඇති..

:       44       31

sarath Friday, 08 November 2019 11:14 AM

මේ මනුස්සයා ඔය පළාතේ ජීවත්වෙන ගොවියෙක් වෙන්න බැරිද? ගොවියෙකුට අලිවෙඩි සමග සෙනග ගැවසෙන ස්ථානයක සිටිය නොහැකි යයි නීතියක් තිබෙනවද? පොලීසිය කොහොමත් ඉතින් ගණන් දාන්නේ පොඩි මිනිහටනේ.

:       51       41

Sumith Friday, 08 November 2019 12:42 PM

16 උදේ ජනතාවගේ අලි අල්ලන මෙහෙයුම...

:       6       21

anura Saturday, 09 November 2019 01:56 AM

පොලීසිය කළට වේලාවට සිදු කළ අත් අඩංගුව ගැන ප්‍රශංසා කළ යුතුය. මොන දේශපාලන කණ්ඩායමේ රැස්වීමක් වුණත් යම්කිසි කලබලයක් වුණානම් මහජනතාව හිස්ලූලූ අත දිවයන්න ගොස් පෑගිලා තුන් හාරසියක් ජීවිතක්ෂයට පත්වන්න තිබුණා. මෙවැනි දේවල් අසල්වැසි ඉන්දියාවේ සිදුවුණා. සාරි බෙදාදීමේ උත්සවයක සහ තවත් අවස්ථාවකදී... ඒ වගේම යුරෝපයේ පාපන්දු ක්‍රීඩාවකදීත් පෑගිලා විශාල සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත්වුණා. සමහරවිට මෙහි ඔය සිද්දිය වුණා නම් පාස්කු ඉරිදා වූ මනුෂ්‍ය ඝාතනයට වඩා භයංකර දෙයක් වෙන්න තිබුණා. මේවා තම තමන්ගේ දේශපාලන අදහස් පෙන්වීමේ අවස්ථාවක් කර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවක් ලෙස සියළු දෙනා ප්‍රතික්ෂේප කළ යුතු දේවල්...

:       5       29

sunilSaturday, 09 November 2019 07:39 PM

කොරහේ කිඹුල්ලු දකින එක සමහරුන්ගේ ගතියක්.

:       0       1

anuraSunday, 10 November 2019 06:41 AM

කොරහේ හිටිය හූනෝ කිඹුල්ලු උනා පාස්කු ඉරිදා මතක නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site