IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ෆේස් බුක් සාද ව්‍යාධියෙන් තරුණ පරපුර රැකගනිමු

මිරිස්ස සහ බොරලැස්ගමුව ප්‍රදේශවල පැවැත් වූ ෆේස්බුක් සාද දෙකක් වැටලූ මාතර දූෂණ මර්දන කොට්ඨාසයේ සහ බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් රූමත් තරුණියන් හය දෙනකු ඇතුළු 21 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙම තරුණ පිරිසට අමතරව හෂීස්, අයිස්, කේරළ ගංජා, මත් පෙති, දිව යට තබාගන්නා පෙති සහ හොර සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත් බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

රටක ජීවනාලිය තරුණ පරපුර බව අවිවාදාත්මක සත්‍යයකි. තාරුණ්‍යය යන වචනයට දී ඇති නිර්මාණාත්මක තේරුමක් වන්නේ ‘දිලිසීම’ යන්නය. එයින් කියැවෙන්නේ යමකු තරුණ වියේ පසුවන්නේ නම් ඔහුගේ වගකීම වන්නේ එම යුගය බැබළවිය යුතු යන්නය. මන්දයත් තාරුණ්‍යය හිමිවන්නේ ජීවිතයේ එකම එක අවස්ථාවක දී පමණක් වන හෙයිනි.

තරුණයා ප්‍රඥාවන්ත විය යුතු ය. සත්‍යගරුක විය යුතු ය. සටන්කාමී විය යුතු ය. යුක්තිගරුක විය යුතු ය. නිර්මාණශීලි විය යුතු ය. මහා මානව දයාවකින් මෙන්ම මහා මානව අනුකම්පාවකින් පිරිපුන් විය යුතු ය. අත් නොහළ අපේක්ෂාවෙන් මෙන්ම ගල් පව්වක් වුව අස්වද්දන මහා වීර්යයෙන් සමන්විත විය යුතු ය. තමන්ගේ යුගය බැබළවීමට සමත් මහානුභාවසම්පන්න හැකියා සම්පත්තිය ගොඩනැඟෙන්නේ එමගිනි.

කරුණු කාරණා එපරිදි වුවද මෙරට තරුණ සම්පත සම්බන්ධයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ අනාගතය සම්බන්ධයෙන් භීතිය දල්වන පුවත් වේ. එක් අතකින් ෆේස්බුක් සාද නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය පිරිවැරූ සාද තුළ තාරුණ්‍යය දියකර හරින තරුණ තරුණියෝ වෙති. මහ මැදුරුවල සඳලුතලවල සිට මෙන්ම ජනාකීර්ණ වීදිවල අඳුරු වීදි හා ගොඩනැගිලි තුළ සිට විවිධ මත්ද්‍රව්‍ය පානය කරන තරුණ තරුණියෝ වෙති. මත්පැනට ඇබ්බැහිවූවෝ වෙති. යතුරු පැදිවල නැඟී ඉගිලි යමින් හදිසි අනතුරුවලින් දිවි අහිමි කර ගන්නා තරුණ තරුණියෝ වෙති.

රටක අනාගතය බාරගැනීමට සිටින්නේ තරුණ පරපුරය. මේ රට ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ එම තරුණ පරපුරටය. එය එසේ නම් එම තරුණ පරපුර එයට හිමි නිසි ගුණෙන්, බරින් හා ගැඹුරෙන් මෙන්ම පැහැයෙන් සමන්විත විය යුතු ය. මත්පෙති සාද අතරේ කාලය ගෙවා දමන තරුණ පරපුරකින් ක්‍ෂිතිජයට ඔබ්බෙන් ලෝකය දකින නැණවත් ගුණවත් ප්‍රවණතාවක් අපේක්‍ෂා කළ නොහැකි ය.
අප රටේ තාරුණ්‍යය මෙසේ වල්මත් වෙමින් අයාලේ යමින් සිටින්නේ ඇයි? බොහෝ ගැඹුරින් විග්‍රහ කර ගත යුතු තත්ත්වයකි. මෙය තරුණ පරපුරේම වරදක් ද? නැතහොත් සාධක ගණනාවක එකතුවකින් නිර්මාණය වූ පලයක් ද?

1977දී බලයට පත්වූ රජය සිට වර්තමාන රජය දක්වා කැබිනට් මණ්ඩලය නිරීක්‍ෂණය කළ විට පෙනී යන්නේ තරුණ පරපුර වෙනුවෙන්ම කැබිනට් අමාත්‍යාංශයක් තිබෙන බව ය. ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන ද යොවුන් පුරය වැනි ව්‍යාපෘති ද තිබෙන බව ය. මේවායේ ඵලදායිතාව සම්බන්ධයෙන් විවේචන තිබිය හැකි වුවද එබඳු අමාත්‍යාංශ, ආයතන හා ව්‍යාපෘති තිබීමෙන් පෙනී යන්නේ රජයක් තරුණ පරපුර සම්බන්ධයෙන් වගවීමක් ඇති බව ය.

එහෙත් එම වගවීම මහ පොළොවට කාන්දු විය යුතු ය. එහිදී ඉගෙන ගැනීමට සුදුසු නිර්බාධක පරිසරයක් තිබිය යුතු ය. අධ්‍යාපනයට ගැළපෙන රැකියා ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා තිබිය යුතු ය. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි සුසංගත පරිසරයක් තිබිය යුතුය. තරුණ  පරපුරෙන් අසහනය, ඉච්ඡාභංගත්වය පළවාහැරීමට හැකිවන්නේ එබඳු සන්සුන් සංහිඳියාවෙන් පිරීගත් පරිසරයක ය.

මෙයින් කියැවෙන්නේ තරුණ පරපුර මතට හා එවෙලේ ලැබෙන සතුටට ජීවිතය කැප කරන්නේ පෙර කී කාරණා නිසාම බව නොවේ. ඒවාත් බැහැර කළ නොහැකි සාධක වේ. අනෙක් අතට තාරුණ්‍යය නිවැරැදිව ගොනු කර ගැනීමට සමත් දියුණු වැඩපිළිවෙළක් තිබිය යුතු ය. තාරුණ්‍යයට බලාපොරොත්තුවක් රැගෙන ඒමටත් එම බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැප කිරීම් කළ යුතු බවටත් තාරුණ්‍යයට ඇඟවිය යුතු ය. “ණය වී හෝ ගිතෙල් කන” වෛදික මනසින් තරුණ පරපුර මුදාගැනීමට හැකි වන්නේ එමගිනි.

සෙත් පිරිතෙන් අවදි වී මහ පිරිතෙන් නින්දට යන ජාතියක වර්තමාන තරුණ පරපුරේ කතාව අතිශයින්ම බිහිසුණු ය. එයින් කියැවෙන්නේ අපගේ දහම් පණිවිඩය නිවැරැදිව තරුණ පරපුරට සන්නිවේදනය වී නොමැති බව ය. මේ තරුණ පරපුර නූගත් නොවෙති. එහෙත් ඔවුන්ට පුරුෂාර්ථ මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. ප්‍රපාතය කරා ගමන් කරමින් සිටින්නේ එහෙයිනි.

මරාගෙන මැරුණු පාස්කු බෝම්බකරුවන්ගේ ඇතැම් ඥාතීන් මාධ්‍යයට පවසා තිබුණේ තම දරුවන් තමන් නොදැන සිටි බවය. එහෙත් නොදන්නාකම විනාශය වළක්වා නැත. “ෆේස්බුක්” සාදවලට යන තරුණ තරුණියන්ගේ මවුපියන්ට සිහිපත් කිරීමට තිබෙන්නේ එය ය.



අදහස් (4)

ෆේස් බුක් සාද ව්‍යාධියෙන් තරුණ පරපුර රැකගනිමු

ravi Saturday, 20 July 2019 06:13 AM

බියර් හැර අනිත් සියලුම.. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කළ යුතුයි... බියර් එකක් බීමටද, අවුරුදු 18 සම්පූර්ණ විය යුතුයි.. !!!

:       9       72

සෙනෙවිරත්න Saturday, 20 July 2019 11:02 AM

බියර් වලින් ඇරඹෙන ගමන අරක්කුවලින් හා ඉන් එහා යා හැක. බියර් වල සැර 8%කි. 8 මදිවන විට 38%... අවශ්‍ය වනු ඇත.

:       6       13

raviSaturday, 20 July 2019 03:31 PM

සුද්ද ගිය දවසේ ඉඳල .. අපි සුද්ද හිටපු විදිහටනේ ජීවත්වෙන්න උත්සාහාකරන්නේ ... ( කළු සුද්දෝ ) එක නිසා මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් බියර් එකක් නම් අනුමත කරන්නම වෙනවා ... නැත්තම් මුන් කයි අපේ ඔලුව ..!!!

:       6       2

anura Tuesday, 23 July 2019 02:22 AM

වටින් ගොඩින් කථා නොකර ශරියා නීතිය ලංකාව තුළ නීතිගත කළාම ඔය හැමදේම එහි අඩංගුව තියෙනවා. ප්‍රශ්න සියල්ල එතකොට අවසන් වේවි... නොයෙක් ආකාරයේ අන්තවාදී අදහස් තියෙන අයට සැනසිල්ලේ එතකොට නින්ද යාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 267 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 65 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 118 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 237 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 986 7

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 1044 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site