IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


“යනවානම් මාවත් එක්ක යන්න” සජිත් තිස්සට කියයි

තිස්සගේ මතක වත-110

 

මහින්ද රාජපක්ෂ එක්ක සාකච්ඡාවෙන් පස්සේ මම ගෙදර ඇවිත් ඉල්ලා අස්වීමේ ලියුම හැදුවා. ඒක දීර්ඝ ලිපියක්. පිටු හයක් විතර ඇති. මම ඒකේ කරුණෙන් කරුණ ඉතාම පැහැදිලිව සඳහන් කළා මම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්කමෙන් අයින් වෙන්න හේතු. රනිල් වික්‍රමසිංහට තමයි ලියුම යොමු කළේ. මම ඒකෙ කාරණයෙන් කාරණය විස්තර සහිතව ලිව්වා ඇයි? මම අයින් වෙන්න හේතු පක්ෂයේ ඇතිවුණු අර්බුද, මට සිදු කරපු නොසලකා හැරීම්, බාධා කිරිම්, මට විරුද්ධව කීප දෙනෙක් එකතු වෙලා කරපු කුමන්ත්‍රණ කියන කාරණා වගේම පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේනව තෝරා ගැනීමේ අවුල ගැනත් මම ලිව්වා. මම එදා කියපු කාරණා අද සිදුවෙමින් තියෙනවා. මම එදා කිව්වා මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂය අතර අද සිදුවෙන විදියේ අර්බුද ඇති වෙන්න පුළුවන් කියලා. මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන මගේ විරෝධය මම සඳහන් කළා.


මේ ලියුම ලියාගෙන මම පහුවදා උදේම රනිල් වික්‍රමසිංහගේ පස්වැනි පටුමගේ ගෙදරට ගියා. උදේ හතට විතර ඇති මම යද්දි. රනිල් බලාපොරොත්තු වුණේ නෑ මම ඒ වෙලාවෙ එයි කියලා. මම ආපු බව දැනුම් දුන්නම රනිල් ඇවිත් ඇහුවා ‘ඇයි’ කියලා. මම කිව්වා මම ලියුමක් බාරදෙන්න ආවේ මේක මම පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කියලා. රනිල් පුදුම වෙලා වගේ ඇහුවා ‘ඇයි ඒ’ කියලා. මම කිව්වා ‘කරුණු ගණනාවක් තියෙනවා ඒවා ඔක්කොම ලියුමේ ලියල තියෙනවා’ කියලා. මම කිව්වා මේ ලියුම බාරගැනීම නායකතුමයි මමයි අතර තියෙන විශ්වාසයට හානියක් වෙන්නේ නෑ කියලා. රනිල් කිව්වා ලියුම බාර ගන්න බෑ කියලා. බාර ගන්නව තියා ලියුම කියවන්නවත් බෑ කියලයි ඔහු කිව්වේ. මම කිව්වා ලියුම බාරගන්න, මට තව දුරටත් පක්ෂ මහ ලේකම් විදියට වැඩ කරන්න බැරි නම් නමට ලේකම් විදියට ඉඳලා වැඩක් නෑ කියලා. 


රනිල් වික්‍රමසිංහ මට පොඞ්ඩක් ඉන්න කියලා එතැන තිබුණු කාමරයකට ගියා. ටික වෙලාවකින් මම ඉඳපු තැනට ආවා. ඒ එක්කම සජිත් ප්‍රේමදාසගෙන් රනිල්ට කෝල් එකක් ආවා. රනිල් කෝල් එකට උත්තර දෙන ගමන් කිව්වා. ‘මහලේකම්තුමන් මේ ඇවිල්ල ඉන්නවා එයා හිතේ අමාරුවෙන් වගේ ඉන්නෙ සජිත් පොඞ්ඩක් කතා කරන්නකෝ” කියලා මට දුරකථනය දුන්නා. සජිත් ප්‍රේමදාසත් මගෙන් ඇහුවා ‘මොකක්ද මේ ප්‍රශ්නෙ’ කියලා. සජිත් කිව්වෙ කොහෙවත් යන්න එපා ඔබතුමා පක්ෂෙන් යනවනම් මාවත් අරගෙනම යන්න කියලා. මම සජිත්ට කිව්වා ඔයා කොහේවත් යන්න ඕන නෑ මම යන්න තීරණය කළේ තව දුරටත් පක්ෂ මහලේකම් විදියට මට වැඩ කරන්න බැරි නිසා කියලා. සජිත් කිව්වා පක්ෂේ දාල යන්න එපා මම ඉක්මනට ඇවිත් කතා කරන්නම් කොහෙවත් යන්න එපා කියල. මම කිව්වා මම සිරිකොතට එන්නම් සිරිකොතට එන්න කියලා. මගේ අස්වීමේ ලියුම රනිල්ගෙ ගෙදර මේසෙ උඩින් තියලා මම කෙළින්ම සිරිකොතට ගියා. මම සිරිකොතට යද්දි අටහමාරට විතර ඇති. ගිහින් ටික වෙලාවකින් මම ස්ටාෆ් මීටින් එකක් කැඳෙව්වා. එතකොටම වගේ තිනියාවේ පාලිත හාමුදුරුවොත් සිරිකොතට ආවා. රනිල් තමයි පාලිත හාමුදුරුවො සිරිකොතට එවලා තියෙන්නේ මම අයින්වෙන්න හදන්නේ ගිහින් ඉක්මනට කතා කරලා බලන්න කියලා. පාලිත හාමුදුරුවො මගෙන් ඇහුවා මොකක්ද මහලේකම්තුමා මේ කරන්න හදන්නේ කියලා. මම හාමුදුරුවන්ට විස්තරේ කිව්වා. හාමුදුරුවොත් යන්නම එපා කියලා තමයි කිව්වෙ. පාලිත හාමුදුරුවෝ ගියාට පස්සේ මම සිරිකොත  ස්ටාෆ් එකට කතා කළා. මම කිව්වා මම ඉල්ලා අස්වෙනවා ලියුම නායකතුමාගෙ ගෙදරට ගිහින් දීලා ආවේ කියලා. එහෙම කිව්වම කට්ටියම පුදුම වුණා. මම කිව්වා ප්‍රශ්න එක්ක වැඩ කරන්න අමාරුයි, නායකතුමා අලුතෙන් මහලේකම් කෙනෙක් පත් කරයි, ඊට පස්සේ එයත් එක්ක වැඩ කරගෙන යන්න කියලා. එහෙම කතා කරලා මම සිරිකොතට සමු දීලා ගෙදර ආවා.

 


තව කොටසක් ලබන සතියට.


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

“යනවානම් මාවත් එක්ක යන්න” සජිත් තිස්සට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site