විශේෂයෙන්ම සැප්තැම්බර් මස අග සිටම ජාතික හෙළ උරුමය සන්ධානය හා ශ්‍රීලනිප වශයෙන් සාකච්ඡුා වට ගණනාවකටම සහභාගි වූ අතර ඒ සියල්ලම අසාර්ථකත්වය මතින් අවසන්විය. එහි එක් පියවරක් ලෙස හෙළ උරුමය විසින් ශ්‍රීලනිපය වෙත මූලික යෝජනා 7ක් ඉදිරිපත් කළ අතර හෙළ උරුමයේ යෝජනා වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් පිළිතුරු ලිවීම ඩලස් ඇමැතිතුමා වෙනුවෙන් අවසන් වශයෙන් සිදුකළේ කරුණාරත්න පරණවිතාන බව මීට පෙර දැක්විණි.


පරණවිතාන ජාතික හෙළ උරුමයේ නායකයන් සමග අතිශය ළඟ සබඳතාවක් පවත්වන්නකු වූ අතර හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ශ්‍රීලනිප නායකත්වයට ඉදිරිපත් කළ සත් වැදෑරුම් යෝජනාවලියට පිළිතුරු ලියුවේ පරණවිතානම බව දැනගැනීමත් සමග හෙළ උරුමය නායකත්වය තවදුරටත් බලාපොරොත්තු සුන් වූ තත්ත්වයට පත්වූයේ සැබවින්ම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් තමන් හට නිසි ගෞරවය ලබාදීමට ඉදිරිපත් නොවන බව පසක් වීමත් සමගය.


කෙසේ වෙතත් අවසානයේදී හෙළ උරුමය සඳහා වන පිළිතුරු ලිපිය නොවැම්බර් 14 වැනිදා ජාතික හෙළ උරුමයේ ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡුාවක් අතරතුර ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් භාර දෙන ලදී. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ඇරඹී විටින්විට පැවති ශ්‍රීලනිපය හා ජාතික හෙළ උරුම සාකච්ඡුා මාලාව එතැනින් නිමාවට පත්විය.

 

 

නොවැම්බර් 13 වැනිදා කැඳවා තිබූ ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේ කිහිප නමක් සහභාගි වූ මාධ්‍ය සාකච්ඡුාවක්ද පැවැත්විණි. ඒ අතර මැදගොඩ ධම්මානන්ද හිමි සහ කිරම විමලජෝති හිමියෝ ද වූහ. එහිදී කථා කළ මැදගොඩ ධම්මානන්ද හිමියෝ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට හා රතන හිමියන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් මේ දෙදෙනා වටා සිටින්නේ භඨධ කාරයින් යැයි ප‍්‍රකාශ කළහ. එවැනිම චෝනාවක් එල්ලකළ කිරම විමලජෝති හිමියෝ ‘‘මේ දෙදෙනාගේ සිවුරු අස්සේ කළු සුද්දෝ’’ සිටිති යැයි ද කියා සිටියහ.


මේ අතර නොවැම්බර් 14 වැනිදා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම රෝහල්ගත කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් වූ සමහර වාර්තා සඳහන් කළේ උන්වහන්සේ මෙලෙස හදිසියේ රෝහල්ගතවීම පිටුපස ආණ්ඩුවේ අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වී ඇති බවකි. එහෙත් සැබවින්ම විටින්විට පැන නැගෙමින් තිබූ රෝගී තත්ත්වයන් මත උන්වහන්සේ එලෙස රෝහල්ගතවී තිබිණි.


නොවැම්බර් 14 වැනි දිනම ගලේවෙල පැවති ජනහමුවකදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෙසේ කීය. ‘‘ජනතාව බලය දුන්නේ ත‍්‍රස්තවාදය නැතිකරන්නයි විධායකයෙන්. මම කළේ ඒ පැතුම් ඉටු කිරීමයි.’’ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මේ ප‍්‍රකාශය විග‍්‍රහ කළ විට පෙනී යන්නේ විධායක ජනාධිපතිධුරය අනාගතයට රැුකගැනීමට අවශ්‍ය සාධාරණීයකරණ කිරීමට එතුමා ඉදිරිපත් වූ බවයි. විශේෂයෙන්ම මේ වනවිට විපක්‍ෂයේ සියලූ සටන්පාඨ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යන මතවාදයට ගොනු වෙමින් පැවතිණි.


නොවැම්බර් 16 වැනිදා පැවැති බණ්ඩාරගම එජාප බලමණ්ඩලය ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා පොදු අපේක්ෂක මාතෘකාවට යම් තර්කානුකූල බලාපොරොත්තුවක් ලබාදුන්නේය. ඔහු මෙසේ කීය. ‘‘මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් නොකර ඇති තත්ත්වයක් තුළ අප විසින් පොදු අපේක්ෂකයා නම් කිරීම තුළින් මෙම ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලූවක් පැන නැගිය හැකියි. එම නිසා අප ඉවසිලිවත්තව බලා සිටිය යුතුයි. ජනාධිපතිවරණයට විවිධ දින වකවානු ප‍්‍රකාශ වුවද තවමත් නිශ්චිත වශයෙන් දිනයක් නොමැත.’’ වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ පොදු අපේක්ෂකයා කවුද යන්න නිශ්චිතවම ප‍්‍රකාශ කිරීමට මේ අනුව තවත් කල් තිබෙන බවයි.


සැබවින්ම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ උපක‍්‍රමය නිවැරදිය. එම උපක‍්‍රමය තුළ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුව අවසානයේදී සිරවිය. යෝජිත ජනාධිපතිවරණය නිල වශයෙන් දෘශ්‍යමානවීමට පෙර අදෘශ්‍යමාන පොදු අපේක්ෂකයා එළිදැක්වීම එම තීරණාත්මක අවස්ථාවේදී ඉතා අමනෝඥ ක‍්‍රියාවකි. සමහරවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශ වීමට පෙර පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන ඇමැතිතුමා බව ප‍්‍රකාශයට පත්වී නම් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් නොකර සිටිනු ඇතැයි බොහෝ දෙනකුගේ විශ්වාසය විය. එය එසේ වූවානම් එතැන් සිට අවශ්‍ය පමණ කාලයක් ගනිමින් පොදු අපේක්ෂකයාගේ ජීව ගුණය සමස්ත රාජ්‍ය බලය යොදාගනිමින් විනාශ කිරීමටද එම ව්‍යාපාරය තුළ සිටින පිරිස කේවල් කිරීමේ උපක‍්‍රම මත මුදලට ලබාගැනීමට ද කි‍්‍රයාකරනු නොඅනුමානය. ඒ අනුව බලනකල වික‍්‍රමසිංහ මහතාගේ ඉහත ප‍්‍රකාශය තුළ අන්තර්ගත යථාර්ථය ඉතා වැදගත්ය.


රනිල් වික‍්‍රමසිංහ මහතා එම සතියේ සෙනසුරාදා රාත‍්‍රියේදී කෙටි සංචාරයක් සඳහා හොංකොං බලා පිටත්ව යළි මෙරටට පැමිණියේ බදාදා දහවල්ය. ඒ වනවිට තිස්ස අත්තනායක මහතා උණ රෝගයෙන් පෙළෙන බව දැනගන්නට ලැබුණි. වික‍්‍රමසිංහ මහතා එදින සවස තිස්ස අත්තනායක මහතාගේ නිවසට යන්නේ මෙවන් සංදර්භයක් තුළදීය.

බ‍්‍රහස්පතින්දා දිනය පුරාමත් තිස්ස අත්තනායක මහතා වික‍්‍රමසිංහ මහතා මුණ නොගැසුණි. ඒ අනුව සිකුරාදා පෙරවරුවේදී තිස්ස ඇමතූ වික‍්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රී ඇමතිතුමා යෝජනා කරන බව පැවසීය. විශේෂත්වය වන්නේ ඒ වනතුරුම එජාප මහලේකම් මේ බව සත්‍ය වශයෙන්ම නොදැන සිටීමය.

විශේෂයෙන්ම වික‍්‍රමසිංහ මහතා පවසන ආකාරයට කලක පටන්ම තිස්ස අත්තනායක මහතා අරලියගහ මැදුරත් සමග සබඳතා පවත්වන බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඊට විකල්පයක් ලෙස තමා කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ ලේකම්වරයාගේ කාර්යභාරයට විකල්ප වැඩපිළිවෙළක් ගොඩනැඟූ බව පවසයි. 


නොවැම්බර් 18 වැනිදා උදෑසන මම මෛත‍්‍රී ඇමතිතුමාගේ ගෙදරට ගියෙමි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ඉදිරියේ ඇති මහාමාර්ගයේ පසෙකින් මෝටර් රථය නවතා මඳක් සවිඥානික වූ මට වාහන දෙක තුනක් තුළම රියදුරු අසුනේ සිට අනිමිසලෝචනයෙන් මෛත‍්‍රී ඇමතිතුමාගේ නිවස ලෙස බලා සිටින පුද්ගලයන් දැක ගත හැකිවිය. කෙසේ වෙතත් මා නිවසට යන විට මගේ හොඳ මිත‍්‍රයකු නිවස තුළ සිටින බව දැනගන්නට ලැබුණි. ඒ හමුදාපති දයා රත්නායකය. ඒ අනුව මම හැකි පමණ වහංගු වීමි. හමුදාපතිවරයා පිටව යාමෙන් පසු මෛත‍්‍රී ඇමතිතුමා පවසා සිටියේ අනුරාධපුර සඳහිරුසෑයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට අදාළ ආරාධනා පත‍්‍රය ලබාදීමට එලෙස දයා රත්නායක පැමිණි බවයි. මෙහි ඇති විශේෂත්වය නම් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ආරාධනා පතක් ලබාදීමට හමුදාපතිවරයා පැමිණීමය. අරමුණ පැහැදිලිය. හමුදාපතිවරයා පැමිණ සිටින්නේ ¥ත මෙහෙවරකට ළඟ වැඩකටය. ඔහුව මෙහි එවා ඇති තැන හා පුද්ගලයා ද පැහැදිලිය. කෙසේ වෙතත් ඊට පසුදින පෙරවරුවේ විජේරාම නිවසට පැමිණි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මෛත‍්‍රී ඇමතිතුමා සමග පැය දෙකහමාරක දීර්ඝ හා සුහද සාකච්ඡුාවක නිරතවිය. විශේෂත්වය වන්නේ එම පැය දෙකහමාර අතරින් අවම තරමින් පැය දෙකක්වත් තිදෙනාම එකතු වී බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාගේ ක‍්‍රියාකලාපයන් සාමූහිකව විවේචනය කිරීමය.

 

මතු සම්බන්ධයි.

 

 

 

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්