යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

17 වැනි කොටස​

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

 

අලිමංකඩ වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාව වනවිට ඛඔඔෑ ය දෙසින් වූ ප්‍රබල රණකාමී උත්තේජනයත්, අනෙක් අතට ශ්‍රී ලංකා හමුදාව පෙන්නුම් කළ පරාජිත මානසිකත්වයත් සිදු වූ ඛේදවාචකය තවදුරටත් සාධාරණීකරණය කරවයි. සත්‍ය වශයෙන් මධ්‍යාහ්නය ආරම්භයත් සමගම කඳවුරෙන් හමුදා ඉවත්වීම ඇරඹීම මහා ඛේදයකි. පසුබසින හමුදා ගමන් මගේදී මුහුණපෑ අවාසනාවන්ත තත්ත්වයෙහි ආරම්භය එයයි. හමුදා පසුබැසීම මධ්‍යහ්නයට ආසන්නයේ ආරම්භ කිරීම තුළ ඉවත්ව යන හමුදාවන් මහත් අසීරුතාවට පත්වූ අතර එය කඳවුරෙන් හමුදාව ඉවත්විය යුතු ආකාරය තීරණය කළ නිලධාරීන්ගේ අඩු අත්දැකීම් තවදුරටත් පෙන්නුම් කළ සංසිද්ධියක් විය. මන්ද යත් කඳවුරෙන් හමුදාව ඉවත්ව යාම උදෑසනක සිදු කළේ නම් හිරු රශ්මිය තීව්‍ර වන මධ්‍යාහ්නය වනවිට පසුබසින හමුදාවන්ට පලෛ සහ කිලාලි දක්වා ගමන් කළ හැකිව තිබූ නිසාය.


අලිමංකඩ කඳවුර වැනි සුවිශාල කඳවුරක් සම්පූර්ණයෙන්ම අතහැර 12,000ක් පමණ වූ භට පිරිසක් සමග පිට ව යාම යනු සරල සංසිද්ධියක් නොවේ. ඉවත් කළ හැකි අත්‍යවශ්‍යම උපකරණ ඉවත් කර ගැනීමටත්, විනාශ කළ යුතු දේ සතුරා අතට පත් නොවන අයුරින් විනාශ කිරීමටත්, භටයන් හා සිවිල් සේවකයන් ඔවුන් අයත් අනුඛණ්ඩ සමග එක්වීමටත් පසුබසින හමුදාවන්ට ඛඔඔෑ ය වෙතින් එල්ල විය හැකි ප්‍රහාරයන්ට මුහුණ දීම වැනි විවිධ වූ ක්‍රියාකාරකම් ක්‍රමානුකූලව සංවිධානය කර ගැනීමටත් අනිවාර්යයෙන්ම යම්කිසි කාලයක් අවශ්‍යය. එම අවස්ථාවේදී කඳවුර තුළ වූ ව්‍යාකූල තත්ත්වය හමුවේ ඉහත කටයුතු සම්පාදනය කිරීමෙන් අනතුරුව හමුදාව කඳවුරෙන් පිටව යාම ආරම්භ වූයේ අප්‍රේල් 22 වැනිදා පෙ.ව. 11.30ට පමණය. 


එලෙස පසු බැසීමට සූදානම් වූ හමුදාව විශාල භූමි ප්‍රදේශයක විහිදුණු අලිමංකඩ කඳවුර තුළ සහ පසුබසින මාර්ගයේ හමුදා පාලනය තිබුණ ප්‍රදේශවලදී පවා විශාල කි.මී. ගණනක දුරක් පයින් ගමන් කළේය. එසේ නොවන්නට ඛඔඔෑ ය ප්‍රහාර එල්ලවන සීමාව දක්වා සෙබළුන්ට වාහනවලින් ගමන් කිරීමට හැකි වී නම් ඉදිරියට විස්තර කෙරෙන මධ්‍යාහ්නයේ මුහුණ දුන් ඛේදනීය තත්ත්වය අවම කර ගත හැකි වීමට ඉඩ තිබුණි. 


21 වැනිදා වන විට කඳවුරෙන් ඉවත්වීමට අවශ්‍ය පූර්ව තත්ත්වයක් සිදුවෙමින් පැවති අතර ඒ අනුව එදින සවස කඳවුර තුළ වූ කාලතුවක්කු (ආටිලරි අවි) හා රේඩාර් යන්ත්‍ර පලෛ දක්වා ප්‍රවාහනය කළ බව මීට පෙර විස්තර කරන ලදී. සත්‍ය වශයෙන් ම 18 වැනිදා සොරන්පත්තු ප්‍රදේශය අහිමි වීමත් සමගම අනිවාර්යයෙන්ම අලිමංකඩ කඳවුරෙන් ඉවත් වීමට සිදුවන බව සියල්ලෝ ම හොඳින් දැන සිටියහ. එසේ නම් කඳවුරෙන් ඉවත්ව යන සෙබළුන්ට නිරුපද්‍රිතව තම හමුදා පාලන ප්‍රදේශයකට පසු බැසීමට අවශ්‍ය හමුදා පසුබැසීමකට අවශ්‍ය යටි තලය යුද කලාවේ සිද්ධාන්තයන්ට අනුව සැකසීම ඉහළ හමුදා නිලධාරීන්ගේ වගකීමකි. නැතහොත් මෙවැනි වූ මහා පරිමාණ හමුදා ඉවත් කිරීමක් සිදු කිරීමේදී ඊට අදාළ පිළිගත් මූලධර්ම :ඡරදචැර උසඑයාර්අ්ක ඡරසබජසචකැි* අනුගමනය කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුවී නොමැත. අනෙක් අතට පසුබසින හමුදාවන්ට අවශ්‍ය ගුවන් සහය සහ ආරක්ෂාව අවම වශයෙන් ඵෂ 17 හා ඵෂ 24 හෙලිකොප්ටර් කිහිපයක් මගින් හෝ සැපයිය හැකිව තිබිණි. එහෙත් එවැනි ගුවන් සහායක්ද නොලැබිණි. 


ඉතිහාසයේ සැමදාම යුදමය වශයෙන් තීරණාත්මක අවස්ථාවන්හිදී අර්ධද්වීපයේ අවශ්‍යතා ඉටු කිරීමට ගුවන් හමුදාවත් නාවික හමුදාවත් එක ලෙස අපොහොසත් වී ඇත. එපමණක්ද නොව පසුබැස පැමිණෙන හමුදාවන්ගේ වෛද්‍ය සහ ප්‍රථමාධාර අවශ්‍යතා පමණක් නොව පසුබැසීමේ මූලික මූලධර්ම වන එලෙස පසුබැස පැමිණෙන හමුදාවන් ආරක්ෂා ස්ථානයන්ට යොමු කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් සංවිධානාත්මක ස්වරූපයකින් සිදුනොවීම දැක ගත හැකි විය. නැතහොත් එය එම කටයුත්ත පැවරුණු හමුදා ඛණ්ඩවල නොහැකියාවත්, අසංවිධානාත්මක බවත් මෙන්ම දුර්වලතාවත් පෙන්වූ කරුණකි. එලෙසම තම පාලන ප්‍රදේශ හරි හැටි නොදත් පසු බැස පැමිණි සෙබළු හමුදා පාලන ප්‍රදේශය තුළම විශාල දුරක් ඇවිද යාම හේතුවෙන් විඩාවෙන් මියගියහ. මෙම වැරදි සහගත ක්‍රියාවන් නිසා අවසානයේ පසුබසින සෙබළුන්ට 14ණප සිට 16ණප දක්වා දුරක් පයින් ගමන් කිරීමට සිදුවිය. සැබවින්ම කිලාලි සහ පලෙයි ප්‍රදේශවල සිටි හමුදා නිලධාරීන් ඉහත අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් උපරිම වශයෙන් යෙදීමට පියවර ගෙන තිබුණත් එම අවස්ථාව වන විට ඉහත වගකීම් පැවරුණු සෙබළුන් ද චිත්ත ධෛර්යයෙන් පිරිහී සිටියා වැනිය. බොහෝ විට සිදුවූයේ එක් වරක් ජලය රැගෙන ආ ට්‍රැක්ටරයක් නැවත ජලය රැගෙන ඒමට ගියත් එය ආපසු නොපැමිණීමයි. තුවාල කරුවන් දෙතුන් දෙනෙකු රැගෙන ගිය වෛද්‍ය සහායක කණ්ඩායමක් ද නැවත එම ප්‍රදේශයට නො ආවේය. වර්තමානයේ කුමන පශ්චාත් ඇගයීම් සිදු කළත් එම අවස්ථාවේ තෙන්නමරච්චි කලාපයේ සිටි බහුතර හමුදා සාමාජිකයන් (පසු බැස පැමිණි 54 සේනාංකයට අමතරව) 22 වැනිදා සවස් භාගය වන විට මානසික අවුල් සහගත ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටීම :ක්‍දබමෙිසදබ* මෙම තත්ත්වයට හේතු විය. සියලු දෙනාගේම එකම අරමුණ වූයේ පසු පසට ගොස් ආරක්ෂිත ස්ථානයන්ට ගමන් කිරීමය. තවද මෙම පසුගාමී මානසික සංකීර්ණතාව ඇතිකරවීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ මෙම සිදුවීම් මාලාව මහ සයුරින් වටවූ යාපනය අර්ධද්වීපය තුළ සිදුවීමයි. වන්නි පසු බැසීමට මුහුණ දුන් සෙබළුන්ට සිතෙහි එක් විශ්වාසයක් විය. එනම් තමන් පසු බැස ගිය කල පහසුවෙන් තම පාලන ප්‍රදේශයකට පිවිසිය හැකිය යන්නය ඒ. නමුත් අර්ධද්වීපය තුළ පසු බැස ගොස් අවසානයේ තමන්ට සුරක්ෂිත වීමට ස්ථානයක් නොමැති බව සියලු දෙනාම දැන සිටියහ. අලිමංකඩ සිද්ධියේත් අනුක්‍රමික අර්ධද්වීපයේ ඇති වූ සටන් හමුවේත් 35,000ක් වූ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ඇදහිය නොමැකි ලෙස පරාජිත මානසිකත්වයකට පත්වීමට හේතුව ප්‍රධාන ගොඩබිමකින් වෙන්වූ අර්ධද්වීපික මානසිකත්වයක සටන් කිරීමට සිදුවීමය. එහෙත් සතුරා ඉදිරියෙහි පසුබැස යාමට තමන්ට සුදුසු ස්ථානයක් නොමැත යන මානසික සංකීර්ණතාව නිසාම සතුරා සමග මාරාන්තික සටනකට වුවද එළඹීමට අවශ්‍ය චිත්ත ධෛර්යයක් සෙබළා තුළ නිර්මාණය විය හැකි යැයි යන උපකල්පනය ද මෙහිදී ගොඩනැගිය හැක.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.