ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා විදියට සරත් ෆොන්සේකාගෙ නම යෝජනා වුණාම රනිල් වික‍්‍රමසිංහත් හිතුව ඒක ඒ මොහොතෙම වඩා වාසිදායක දෙයක් කියලා. මොකද යු.එන්.පී. එකේ අපේක්‍ෂකයෙක් ඒ මොහොතේ මහින්ද රාජපක්‍ෂ එක්ක තරග කරන්න යෑම කොහොමටත් යු.එන්.පී. එකට වාසිදායක තත්ත්වයක නොතිබුණු නිසා. මේ යෝජනාව පක්‍ෂය ඇතුළේ කීපදෙනෙක් එක්ක කතා වුණා. අපිත් ඒ යෝජනාවට කැමැත්ත දැක්වූවා.

මොකද ඒක ඒ වෙලාවෙ හැටියට ආපු හොඳ විසඳුමක් නිසා. යුද්ධය වෙන්දේසි වුණු වෙලාවෙ යුද්ධය කරපු නායකයා සහ යුද්ධයට දේශපාලන නායකත්වය දීපු කෙනා අතරෙ සටනක් නිසා කරට කර සටනක් තිබුණෙ. අපේ පක්‍ෂ බොහෝ දෙනෙක් මේ යෝජනාව පිළිබඳව දැනගෙන හිටියෙ නෑ. අපි කීප දෙනෙක් අතරෙ විතරයි මේ සාකච්ඡුාව පැවතුණේ  මුලින්ම.


මෙහෙම යනකොට ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙනුත් මෙයට සුබවාදී ප‍්‍රතිචාරයක් ආවා. ඔය අතරෙ දවසක් රනිල් වික‍්‍රමසිංහ කිව්වා හදිසි සාකච්ඡුාවක් තියෙනවා ඒකට යන්න සූදානම් වෙන්න කියලා. ඔහු කීවේ මේ ගැන කාටවත්ම නොකියා ගෙදරට එන්න කියලා. මමත් කියපු වෙලාවට පස්වැනි පටුමගේ රනිල් වික‍්‍රමසිංහලගෙ ගෙදරට ගියා. මම ගියාම රනිල් කිව්වා ‘‘පිටිපස්සෙ දොරෙන් ගිහිල්ලා කාර් එකක් නවත්වලා ඇති ඒකට නගින්න කියලා. රනිල් වික‍්‍රමසිංහගේ ගෙදරට පිිටිපස්සෙ තියෙන එයාගෙ මල්ලිගෙ ගෙදර පිටිපස්සේ තමයි කාර් එක නවත්වලා තිබුණෙ. එහෙම උපදෙස් දුන්නේ අපි කොහේද යන්නේ කියලා එයාගෙ ගෙදර ඉන්න අයටත් නොදැනෙන්න යන්න  ඕනෑ නිසා.


මම ගිහින් කාර් එකට නැග්ගා. රතු පාට බෙන්ස් කාර් එකක් තිබුණෙ. මම ගිහින් කාර් එකට නගිනකොට තමයි දැක්කේ කාර් එක පදවගෙන ඇවිත් තිබුණේ සේනක සිල්වා කියලා. මම කාර් එකට නැගලා සුළු වෙලාවකින් රනිල් වික‍්‍රමසිංහත් ආවා. එයා ආවේ විශ‍්‍රාමික ඞී.අයි.ජී. වික‍්‍රමසිංහත් එක්ක. වෙන කවුරුවත් ආරක්‍ෂකයො ආවෙ නෑ. අපි හතර දෙනා විතරයි කාර් එකේ ගියේ. 


මම දැනගෙන හිටියෙත් නෑ කොහේද යන්නේ කියලා. එතකොට වෙලාවත් ? නවයට විතර ඇති. අපි ෆයිප් රෝඞ් එකේ ගෙදරකට තමයි ගියේ. අපි යනකොටත් ඒ ගෙදරට ඇවිත් හිටියා අනුර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කීප දෙනෙක්. අපි එකතුවෙලා ගොඩක් වෙලා සාකච්ඡුා කළා. කොහොමද ජනාධිපතිවරණය කරන්නේ කියලා. ඒ සාකච්ඡුාවේදී තමයි හරියටම තීන්දු කළේ ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්‍ෂයයි එකතුවෙලා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විදියට ජෙනරල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කරනවා කියලා.


එතකොටත් සරත් ෆොන්සේකා හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී තනතුරේ හිටියා. අපි සාකච්ඡුා කරගෙන යන අතරෙ පැයකට විතර පස්සේ සරත් ෆොන්සේකා ආවා. පළමුවැනි වතාවට තමයි ඔහු මටත් මුණ ගැසුණේ. ඔහුත් ගොඩක් වෙලා සාකච්ඡුා කරලා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විදියට එන්න එකඟතාව පළ කළා. ඔහු ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විදියට එන්න නම් ඔහු දැරූ නිලයෙන් අයින් වෙන්න  ඕනෑ. ඒකට හේතු කියලා අස්වීමේ ලිපිය  හැදුවෙත් අපි එකතුවෙලා ඒ සාකච්ඡුාවේදීමයි.


මේ තනතුරක ඉන්න කෙනෙකුගෙ ඉල්ලා අස්වීමත් සිදුවෙන්න නම් ඒක ගැසට් කරලා තමයි ඉල්ලා අස්වීම කෙරෙන්න  ඕනෑ. අපිට සැකයක් තිබුණා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමන්ගේ බලය පාවිච්චි කරලා ගැසට් කිරීමක් නොකර ඉඳිවිදි කියලා. එහෙම වුණොත් ඉල්ලා අස්වීම වලංගු නෑ. එතකොට ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. කොහොම වුණත් පහුවෙනිදා සරත් ෆොන්සේකා ගිහිල්ලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මුණගැහිලා ඉල්ලා අස්වීම දීලා ආවා. අපි හිතපු විදියෙ අර්බුදයක් ඇති වුණෙත් නෑ.

ඊට පස්සේ තමයි අපි ජනාධිපතිවරණ ව්‍යාපාරයට බැස්සේ. මේ ඡුන්ද ව්‍යාපාරයේ කටයුතු කරන්න එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. මේක සකස් කරන්න පත්වුණේ එක්සත් ජාතික පක්‍ෂයෙන් මමත් මංගල පාර්ශ්වයෙන් ටිරාන් අලසුත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් අනුර දිසානායකත් විජිත හේරතුත් මම මෙතනදී යෝජනා කළා. සරත් ෆොන්සේකා ජනාධිපති වුණාම රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බවට පත් කරනවා කියලා ප‍්‍රකාශයට පත්කළ යුතුයි කියලා. ඒක මම යෝජනා කළේ එක්සත් ජාතික පක්‍ෂිකයින් ප‍්‍රබෝධමත් කරවන්න නම් ඒවැනි යෝජනාවක් තිබිය යුතුයි කියන අදහසේ ඉඳගෙන. ඒත් අනුර දිසානායක ඒකට එකඟ වුණේ නෑ. ඔවුන් කිව්වෙ ඒකට එකඟවෙන්න හෝ ගිවිසුම් ගතවෙන්න බෑ විශ්වාසය උඩ කටයුතු කරමු කියලා. අපේ තව යෝජනාවක් තිබුණා. ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා දිනපු වහාම මහ මැතිවරණයකට යා යුතුයි කියලා. ඒකෙන් බහුතරය ගන්න පක්‍ෂයට අගමැතිකම දිය යුතුයි කියලත් අපි කිව්වා. ඒකට ජ.වි.පෙ. අය කැමති වුණා.

අපි එහෙම යෝජනාවක් ගෙනාවෙ හේතුවක් ඇතුව. සරත් ෆොන්සේකා කියන්නේ දිර්ඝ කාලයක් හමුදා නිලධාරියෙක් විදියට කටයුතු කරපු කෙනෙක්. සිවිල් පුරවැසියෙක් වගේ නෙවෙයි. ඒක නිසා එවැනි පුද්ලයෙකුට රටක් බාරදෙන එක ගැළපෙනවද නැද්ද කියලා සමාජයේ ලොකු තර්කයක් තිබුණා. ඔහු සිවිල් සමාජය එක්ක මොන විදියට කටයුතු කරයිද කියලා අවිශ්වාසයක් සමාජයේ තිබුණා. ඒකට හේතුව ලසන්ත වික‍්‍රමතුංග වගේ අයගේ ඝාතන සම්බන්ධයෙන් යම් චෝදනාවක් ඔහුටත් එල්ලවෙලා තිබුණු නිසා. ඒ වගේම උපාලි තෙන්නකෝන්ට පහරදීම වගේ සිදුවීම්වලටත් සරත් ෆොන්සේකාට ඇඟිල්ල දිගු වුණා. මේවගේ හේතු නිසා සරත් ෆොන්සේකා පිළිබඳ සමාජයේ වෙනත් චිත‍්‍රයක් තිබුණේ. මේ නිසා ඔහුගේ අතට සම්පූර්ණ බලය නොදී පාර්ලිමේන්තු මැතිවරණය වහාම පවත්වලා ඒ හදන ආණ්ඩුවෙ රනිල් අගමැති ධුරයට පත්වෙලා මහජන  ආණ්ඩුවක් මගින්  රට පාලනය කරන තැනට යා යුතුයි කියන අදහස තමයි ආවෙ. මේකට කවුරුත් එකඟ වුණා.

ප‍්‍රියන්ත කොඩිප්පිලි