හිරගෙවල් පුපුරවා ජවිපෙ සාමාජිකයන් පලා ගිය අයුරු-02

මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමේ සැලසුම කි‍්‍රයාවට නැගීම සඳහා පිටතින් කැරලිකරුවන් කණ්ඩායම් දෙකක් වශයෙන්ව 25ක පමණ පිරිසක් සහභාගි වූහ. ගුවන් හමුදාව මගින් බන්ධනාගාරයට ආරක්ෂාව ලබාදී තිබූ අතර කැරලිකරුවන් අත ටී 56 ගිනි අවි 4ක් සහ බෝම්බ තිබිණි. පස්වරු 6.45ට ආකාශ වෙඩිල්ලක් පුපුරා ගිය අතර බන්ධනාගාර රැුඳවියෝ තාප්ප අසලට පැමිණියහ.


එක් කණ්ඩායමක් බන්ධනාගාරයේ ප‍්‍රධාන දොරටුවට බෝම්බයකින් දමා ගැසූ අතර එම රියෙන්ම සීවලී පටුමග ඔස්සේ බන්ධනාගාරයේ පිටුපස තාප්පය වෙත ගොස් ඇති අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට සිටි ගුවන් හමුදා භට පිරිස එම අවස්ථාවේදී බෝම්බය ගැසූ ප‍්‍රධාන දොරටුව වෙත පැමිණ තිබේ. බන්ධනාගාරයේ පිටුපස තාප්පයට කලින් සවිකර තිබූ බෝම්බ පුපුරුවා තාප්පය කැඞී ඇත්තේ එම අවස්ථාවේදීය. මෙම පහරදීමට පැමිණි කණ්ඩායම් වාහන තුනකින් පැමිණි අතර එක් කණ්ඩායමක් බේස්ලයින් පාර ඔස්සේ ද අනෙක් කණ්ඩායම වනාතමුල්ලේ සිට සීවලී පටුමග ඔස්සේ ද මැගසින් බන්ධනාගාරය වෙත ළඟා වී තිබේ. බන්ධනාගාරය යාබදව වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ද මෝටර් රථ දෙකක් ද බොරැුල්ල හන්දිය සහ ඒ අවට විවිධ ස්ථානවල පලා යන ජවිපෙ සැකකරුවන් රැුගෙන යෑම සඳහා පස්වරු 6 වනවිට නතර කර තිබිණි.


පිටතින් නොනවත්වා වෙඩි ප‍්‍රහාර බන්ධනාගාරය දෙසට තැබූ අතර බෝම්බ ද තැන තැන පිපිරිණි. ප‍්‍රදර්ශනයක් මුවාවෙන් පුපුරණ ද්‍රව්‍ය බන්ධනාගාරයට කලින් රැුගෙනවිත් තිබූ අතර තාප්පයට ඩයිනමයිට් සවිකර එය පුපුරුවා තිබිණි. ඇතුළත සහාය ද ලැබුණු බැවින් පස්වරු 7 වනවිට සිරකරුවෝ බන්ධනාගාරය බිඳ පිටතට පැමිණ සූදානම් කළ වාහන සහ පාරේ ගමන් කළ පොදු වාහනවල නැගී පලා ගියහ. පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ එදින රාති‍්‍රයේ සිට නිල නොවන ඇඳිරි නීතියක් පැනවීය. ඒ යටතේ හැඳුනුම්පත් නොමැති 1000ක් පමණ වූ තරුණ පිරිසක් කොළඹදී දෙදිනක් තුළ සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලදී. බොරැුල්ල මංසන්ධියේ එජාප ජනාධිපති අපේක්ෂක පේ‍්‍රමදාසට සහාය පළ කිරීම සඳහා කාලිංග ඔබේවංශගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැුස්වීම ද සිද්ධිය ඇති වූ වහාම විසුරුවා හරින ලදී.


මෙම මැගසින් ප‍්‍රහාරයේදී ජවිපෙ රිමාන්ඞ් සිරකරුවන් මුදවා ගැනීමට පිටතින් පැමිණි ජවිපෙ කැරලිකරුවන්ගෙන් එක් අයෙකු පමණක් එම ස්ථානයේදී හමුදා වෙඩි ප‍්‍රහාරයකින් මරණයට පත්වූ අතර ඔහු දක්ෂ බෝම්බ නිෂ්පාදකයෙකු ලෙස ප‍්‍රකට තොටළඟ විජිත හෙවත් මොහොමඞ්ය. විජිතගේ සිරුර කැරලිකරුවන් විසින් රැුගෙන ගොස් කොළොන්නාවේදී ආචාරය පුදකර රහසිගතව භූමිදානය කරන ලදී. කැරලිකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී සිවිල් වැසියෝ දෙදෙනෙක් ද මරණයට පත්වූහ. ඔවුන් නම් වනාතමුල්ලේ පදිංචි 30 හැවිරිදි සුනීතා සහ වනාතමුල්ලේම පදිංචි 18 හැවිරිදි තෂීර් ය.


පිටතට පැමිණි ජවිපෙ සැකකරුවන් රැුගෙන යාම සඳහා සැකයක් ඇති නොවන අයුරින් ජවිපෙ කාන්තා සාමාජිකාවෝ රැුසක් ද එක්වී සිටියහ. වනවාසල අචලා, දික්පිටිගොඩ මේධා, හෝකන්දර චම්පිකා, අවිස්සාවේල්ලේ චම්පිකා, අම්බලන්ගොඩ සුධර්මා ඒ අතර වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මරදාන ටෙක්නිකල් විදුහලේ සිසුන් සහ ගුරුවරියෝ වෙති. පලා ආ පිරිසෙන් කොටසකට තාවකාලික නවාතැන් සපයාදීම භාරව කටයුතු කළේ කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නායකයින් වූ සරත් කොල්ලූරේ සහ වසන්ත කුමාර කුලතුංගය. කොල්ලූරේ සහ කුලතුංග විසින් ශ්‍රීලනිප කි‍්‍රයාකාරිකයින්ගේ සහ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ නිවෙස් කිහිපයකම බන්ධනාගාරයෙන් පලා ආ ජවිපෙ කිහිප දෙනෙකුට නවාතැන් සපයා තිබිණි.

 

මැගසින් බන්ධනාගාරයෙන් පලා ගිය රැුඳවියන්ගෙන් බහුතරයක් ඒ සහ බී වාට්ටුවල රඳවා සිටි අතර එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂකයින් සංඛ්‍යාව 8කි. කාර්යභාර නිලධාරි වූයේ එම්. ඒ. කරන්නය. රාතී‍්‍ර ආහාර රැුඳවියන්ට දෙනු ලැබුවේ පස්වරු 5ට පමණය. සවස 5ට වැඩ බාරගත් බන්ධනාගාර නියාමකයින් වූ මුදලිගේ ඉන්ද්‍රසේන, පියසේන සහ රූබන් විසින් රැුඳවියන් 63 දෙනෙක් ගණනය කර ඒ වාට්ටුවට ඇතුළත් කරන ලදහ. එමෙන්ම බී වාට්ටුවට රැුඳවියන් 71 දෙනෙකු ඇතුළු කර ඉබි දමා වසන ලදී. රැුඳවියන් 221ක් පැනගිය පසු ඒ වාට්ටුවේ ඉතිරිව සිටියේ 20කි. බී වාට්ටුවේ 7කි. සිර මැදිරියේ තාප්පයේ බෝම්බයක් ස්ථානගත කර පුපුරුවා හරිමින් විශාල සිදුරක් ඇතිකරමින් පැනයාම සිදුකර තිබිණි. විරු සමරු දිනයක් සැමරීමට පිටතින් බඩු ගෙන ඒමේදී ඒ තුළ සඟවා ගෙන ඩයිනමයිට් ගෙනවිත් තිබූ බව පරීක්ෂණවලදී හෙළිවිය. ඩයිනමයිට් පිපිරවීම සඳහා විදුලිය ලබාගෙන තිබුණේ සිරමැදිරියේ විදුලි බුබුලේ වයර් මගින් විදුලිය බිත්තිය දිගේ මුදාහරිමිනි. පැනයෑම මාස කිහිපයක සැලසුමකි.


පලාගිය ජවිපෙ සැකකරුවන් 221 දෙනා අතර ඉහළම නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභික රාගම සෝමේ ය. සන්නද්ධ අංශයේ මුල්පෙළේ නායකයන් ගණනාවක් ද ජවිපෙ ප‍්‍රබලතම කි‍්‍රයාකාරිකයෝ සිය ගණනක් ද වූහ. එක් අයෙකු වූයේ හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම්ව සිටි ගෝනදෙණියේ පියසේන රාමනායක ය. පක්ෂ තහනමින් පසු 1983 දී විජේවීර සමග හම්බෙගමුව වනාන්තරයට පසුබැස ගිය කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ඔහු බදුල්ලේදී 1988 දී අත්අඩංගුවට ගෙන කළ පහරදීම්වලදී පාදයක් බිඳී ගිය අතර පසුව කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරුකර තිබිණි. බන්ධනාගාරය බිඳ දැමීමෙන් පසු කැරලිකරුවන් රාමනායක ගෙන ගියේ ඔසවාගෙනය.
ආණ්ඩුවේ ආරක්ෂක බල ව්‍යුහය විමතියට පත්කරමින් ජවිපෙ සැකකරුවන් 221 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරය බිඳ දමමින් එසේ පලා ගියේ 1988 දෙසැම්බර් 13 පස්වරු 7ටය. ජවිපෙ සන්නද්ධ අංශයේ රංජිත් පරාක‍්‍රම බළකාය මගින් මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමේ වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කළේය. ජවිපෙ කලාප නායකයෙකු වශයෙන් වගකීම් ගණනාවක් උසුලමින් සිටියදී 1988 මැද භාගයේදී සැකකටයුතු රිය අනතුරකින් මරුමුවට පත් පොල්ගහවෙල රංජිත් අනුස්මරණය කිරීම සඳහා රංජිත් පරාක‍්‍රම බළකාය පිහිටුවා තිබිණි. පලාගිය ජවිපෙ සැකකරුවන්ගෙන් සියයට 90ක් පමණ යළි පූර්ණකාලීනව ජවිපෙට යොමුවූහ. වැලිසර යූස්ටස් දිලිප් චන්ද්‍ර ප‍්‍රනාන්දු හෙවත් සුදත් පසුව පතී නමින් කොළඹ දිස්ති‍්‍රක්කයේ සන්නද්ධ නායකයා වූ අතර පේ‍්‍රමකුමාර් ගුණරත්නම් පසුව ගැමුණු නමින් ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ සන්නද්ධ නායකයා විය.


මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමට සමාන්තරව ජවිපෙ මගින් 1988/89 වසරයන් හිදී අනුරාධපුර, මහර, මීගමුව, පැලවත්ත, මහනුවර බෝගම්බර, බදුල්ල යන බන්ධනාගාරවලට සහ අනුරාධපුර කැකිරාව, මඩොල්සිම, බම්බලපිටිය, කිරුළපන, සපුගස්කන්ද, කොහුවල සහ වාද්දුව ඇතුළු දිවයිනේ පොලිස් ස්ථාන 17ක රඳවාගෙන සිටි ජවිපෙ සැකකරුවන් මුදවා ගැනීම සඳහා ප‍්‍රහාර 17ක් එල්ල කළ අතර ඒවා සාර්ථක විය. පොලිස් ස්ථානවලට පහරදී මැදිරිවල සිටි ජවිපෙ සැකකරුවන් මුදවා ගැනීමේදී එම බන්ධනාගාරවල සහ පොලිසිවල සියලූ ආයුධ ද පැහැර ගත්තේය. එමෙන්ම මහියංගණය පොලිස් වසමේ ජවිපෙ සැකකරුවන් රඳවාගෙන සිටි ස්ථානයකට ප‍්‍රහාරයක් එල්ලකර රැුඳවියන් 51 දෙනෙකු ද මුදවා ගන්නා ලදී. වාර්තා අනුව මෙම වකවානුවේ රටපුරා සියලූ බන්ධනාගාරවලින් සහ පොලිස් ස්ථානවලින් එසේ මුදවා ගනු ලැබූ ජවිපෙ සැකකරුවන්ගේ සංඛ්‍යාව 568කි.


බෝගම්බර බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 10 රාතී‍්‍ර 6.45ට කඩාවැදුණු 20 යුත් කැරලිකරුවන් කණ්ඩායමක් එහි සිටි ජවිපෙ සැකකරුවන් 5 දෙනෙකු මුදවා ගත් අතර අවි ආයුධ ද පැහැර ගන්නා ලදී. බෝගම්බරින් පැහැරගත් එම ආයුධ අතර තුවක්කු සහ පිස්තෝල 35, පතොරොම් 900කට ආසන්න ප‍්‍රමාණයක් ද කඳුළු ගෑස් විදින උපකරණ ද විය. බොහෝ ස්ථානවල මුදාගැනීම්වලට සහභාගි වූ ජවිපෙ කැරලිකරුවෝ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටියෝය. දෛනිකව රාති‍්‍රයේ පැමිණෙන හමුදා ජංගම මුර සේවයේ යෙදෙන හමුදා භටයින් මෙන් සැරසී ඔවුන් පැමිණීමට පැයකට පෙර මෙම කඩා වැදීම සිදුකර තිබිණි.


අනුරාධපුර බන්ධනාගාරයට ජවිපෙ කැරලිකරුවෝ 1988 නොවැම්බර් 9 කඩා වැදී ජවිපෙ සැකකරුවන් 23 ඇතුළු 26 මුදාගනු ලැබූහ. එසේ මුදවාගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් ද වූහ. එම ප‍්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන්ට අයත් රිපිටර් තුවක්කු 17, රිවෝල්වර් 3, පතොරොම් තුවක්කු 11 සහ පතොරොම් 310 ප‍්‍රමාණයක් පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. සිරකරුවන් පැනයෑම සහ ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ නියාමකවරුන් 6කගේ වැඩ තහනම් කරන ලදී. පිටතින් කැරලිකරුවන් කඩාවදින විට ඇතුළත සිටි සැකකරුවන් කිහිප දෙනෙක් වෙර යොදා ප‍්‍රධාන ගේට්ටුව හැරගත් අතර ආයුධ පෙට්ටිවල යතුරු ලබා ගැනීමට නොහැකි වීමෙන් යකඩ පොලූවලින් ගසා කබඞ් කඩා ආයුධ පැහැරගෙන ඇත.


අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාගත් ජවිපෙ එක් සැකකරුවකු වූයේ කුරුගමගේ දොන් ලාල්කාන්තය. පසුව ලාල්කාන්ත පොළොන්නරුව එගොඩපත්තුවේ ජවිපෙ සංවිධායක වශයෙන් කටයුතු කළේය.


ජවිපෙ 1971 අපේ‍්‍රල් කැරැුල්ලෙන් පසු බන්ධනාගාරගතව සිටි කණ්ඩායම් 7ක් පමණ විවිධ අවස්ථාවලදී බන්ධනාගාරයෙන් පලා ගියහ. ඉන් මුල් තැනක් ගන්නේ නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 ජූනි 13 ප‍්‍රහාරයක් එල්ල කර එහි පියදාස රණසිංහ, හීන්බණ්ඩා වනසිංහ. අකුරැුස්සේ ෆැන්සිස් ඇතුළු ජවිපෙ කි‍්‍රයාකාරිකයින් 31 දෙනෙකු මුදවා ගන්නා ලදී. එම ප‍්‍රහාරයට මුවාවී මරුසිරා සමග නමගිය අපරාධකරුවන් 4 දෙනෙකු ඇතුළු සිරකරුවන් 7ක් ද පලා ගියහ. යළිත් නන්දන මාරසිංහගේ මෙහෙයවීමෙන් ජවිපෙ සාමාජිකයෝ පිරිසක් අනුරාධපුර බන්ධනාගාරයට 1972 සැප්තැම්බර් 29 රාතී‍්‍ර 12ට තාප්පයට වැල් ඉනිමන් ගැටගසා ඇතුළට පැන බෝම්බ ගසමින් එහි සිටි ජවිපෙ 71 කැරැුල්ලට සම්බන්ධ සැකකරුවන් 134 දෙනෙකු නිදහස් කරගෙන පලා ගියහ.


දේශපාලන මණ්ඩල සභික නන්දතිලක ගලප්පත්ති 1987 නුවරඑළිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අතර නඩුව සඳහා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර රථයක ගෙන යමින් සිටියදී නුවරඑළිය හග්ගල උද්‍යානය අසලදී ජවිපෙ මගින් ඔහු මුදවා ගනු ලැබීය.


එවකට සිටි හමුදාපති ලූතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ 1987 ජූලි මස ජාතික ආරක්ෂක මණ්ඩල රැුස්වීමේදී කියා සිටියේ ජවිපෙ 2වැනි කැරැුල්ල ආරම්භයේදී යුද හමුදාවේ සියයට 6ක් පමණ සෙබළුන් අවි සහිතව පැන ගොස් ජවිපෙ සමඟ එක්විය හැකි බවට ජාතික බුද්ධි සේවා අංශය මගින් කියා ඇති බවය. එය 1989 මුල්භාගය වනවිට ඉතා වේගයෙන් වර්ධනය වුවද ආරක්ෂක අංශවල පවුල් ඝාතනය කිරීමට ජවිපෙ ගත් තීරණයත් සමග එය මුළුමනින්ම වාගේ කඩා වැටිණි.


ජවිපෙ 2වැනි කැරැුල්ල 1988 දෙසැම්බර් අවසාන වනවිට සංවිධාන ක්ෂේත‍්‍රයේ මෙන්ම මතවාදමය ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු ජයග‍්‍රහණ ප‍්‍රමාණයක් අත්පත් කරගැනීමට සමත් වුවද ඒ පිළිබඳ නිවැරදි තක්සේරුවක් හෝ විග‍්‍රහයක් කරගැනීමට ජවිපෙ සමත්වූයේ නැත. එමෙන්ම 2වැනි කැරැුල්ලට 1986 සිට 1988 දෙසැම්බර් වනවිට තෙවසරක් ගත වුවද ඒ පිළිබඳව ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් මගින් අනාගතය වෙත ප‍්‍රවේශයක් සිදුකර තිබුණේ ද නැත.

ධර්මන් වික‍්‍රමරත්න ලියූ ”ජවිපෙ 02 වැනි කැරැුල්ල” කෘතියෙනි.