IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


තිස්සට එරෙහිව අමුතු පැමිණිල්ලක්

තිස්සගේ මතක වත-117

 

මහමැතිවරණයත් ඉවර වුණාට පස්සේ මට විරුද්ධව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුණා. මේක ඉදිරිපත් කරල තිබුණෙ මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු හංසයා පක්ෂයෙන්මයි. ඒකේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කරලා තිබුණා මම මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදීම වෙනුවෙන් ඒ ආණ්ඩුවට එකතුවෙලා ඇමති ධුරයක් ලබාගැනීම අල්ලසක් ලබාගැනීමක් කියලා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි එහෙම පැමිණිල්ලක් අල්ලස් දෙපාර්තමේන්තුවට ලැබිල තියෙන්නේ. මීට කලින් ඇමති ධුරයක් බාරගැනීම අල්ලසක් හැටියට සලකලා කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නෑ.


මට දැනගන්න ලැබුණු ආකාරයට මේ පැමිණිල්ල ලැබුණම අල්ලස් දෙපාර්තමේන්තුව මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තියෙන බලතලවලට අභියෝග කරන්න බෑ. ජනාධිපතිවරයාට බලය තියෙනවා පාර්ලිමේන්තුවෙ ඕනෑම මන්ත්‍රීවරයෙකුට ඇමති ධුරයක් ලබාදෙන්න. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ තත්ත්වය යම්කිසි ආකාරයකට වෙනස් වුණත් කලින් තිබුණු ව්‍යවස්ථාවට අනුව එහෙම කරන්න පුළුවන්කම තිබුණා. ඒකෙදි කාලය පිළිබඳව සඳහනක් නෑ. මැතිවරණයක් කැඳවපු අවස්ථාවක දී වුණත් පුළුවන් එහෙම කරන්න. මේ පැමිණිල්ල කරපු අය කිව්වෙ ජනාධිපතිවරණයක් කැඳවපු අවස්ථාවක දී ඇමති ධුරයක් ලබාදීම අල්ලසක් වෙනවා කියලා.


ඒ පැමිණිල්ල ගැන පරික්ෂණයක් ආරම්භ වුණා. මගෙනුත් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්දගෙනුත් මේ ගැන ප්‍රකාශ සටහන් කරගත්තා. පාර්ලිමේන්තුවෙදිත් මේ ගැන ලොකු කතාබහට ලක්වුණා. හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් ලබාගැනීම නීත්‍යානුකූල ද නැද්ද කියලා වාදයක් ඇති වුණා. මොකද ජනාධිපතිවරයෙක් තමන්ගේ ධුර කාලය තුළ දී කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න අධිකරණමය හැකියාවක් නෑ. ඒක ගණන් ගන්නේ නැතුව තමයි මේ පැමිණිල්ල විභාග කරන්න පටන්ගත්තේ. පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයත් එවකට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂත් මේ පිළිබඳ අදහස් දැක්වීමට මැදිහත් වුණා. එතනදී විජේදාස රාජපක්ෂ එක පොරොන්දුවක් වුණා. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මේ ගැන ප්‍රකාශ ලබාදීමට අල්ලස් දෙපාර්තමේන්තුවට කැඳවන්නෙ නෑ. ඒ වෙනුවට ඔහුගේ නිවසට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කරගැනීමට අවස්ථාව සලසනවා කියන එක.


මාව අල්ලස් හෝ දූෂණ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. මම ඒකට ගිහින් මගේ ප්‍රකාශ ලබාදෙන්න කටයුතු කළා. පැය හයකට වඩා කාලයක් ඔවුන් මගේ ප්‍රකාශය සටහන් කරගත්තා. මම මට කියන්න තියෙන සියලු කරුණු ඉදිරිපත් කළා.


මේ කතාවත් එක්ක මාතෘකාව ටිකක් වෙනස්වෙලා ජනාධිපතිවරයගේ බලතල ගැන රටේ කතා බහක් ඇති වුණා. දේශපාලන කරළියෙත් මේ ගැන විවිධ කතාබහ ඇති වුණා. පුද්ගලිකව මාව ඒකෙන් යම් අපහසුතාවකට පත්වුණත් ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ඒ ඇති වුණු කතාබහ හොඳ එකක්. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් මේක නිමාවට පත්වුණා. ඊට පස්සෙ මේ ගැන කිසිවක් සිදුවුණේ නෑ. හැබැයි ඒක අවසන් කියලත් අපි කාටවත් මෙතෙක් දැනුම්දීලත් නෑ. මට විරුද්ධව පටන්ගත්තු පැමිණිල්ල අල්ලස් දෙපාර්තමේන්තුව අතඇරල දාල කියලයි මං හිතන්නේ.


තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

තිස්සට එරෙහිව අමුතු පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28417 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10922 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 200 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site