IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයට සරත් ගෙනා සේනක

තිස්සගේ මතක වත-51

යුද ජයග‍්‍රහණයෙන් ටික දවසකට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළේ යුද ජයග‍්‍රහණයේ වාසියත් අරගෙන මැතිවරණයකට යන්න  ඕනෑ කියලා. මේ ආරංචිය දැනගත්තම යූ.එන්.පීය ටිකක් අසරණ තත්ත්වයට පත්වුණා. මොකද යුද ජයග‍්‍රහණයේ වාසියත් එක්ක තරගයට එනකොට ඒකට මුහුණදෙන්න අමාරු තත්ත්වයක යූ.එන්.පී. එක හිටපු නිසා.

2010 ජනාධිපතිවරණය පිළිබඳව යූ.එන්.පි යට මුලින්ම තිබුණේ මොකක් කරන්නද කියන අවිනිශ්චිත තත්ත්වයක. මට මතකයි දවසක් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හාමුදුරුවෝ දානේ ගෙදරකදි මට මුණගැහිලා කිව්වේ යුද ජයග‍්‍රහණයේ වාසියත් එක්ක ඡුන්දෙකට ගියොත් මහින්ද රාජපක්ෂට ඒක විශාල වාසියක් වෙනවා වගේම තව අවුරුදු විසිපහකටවත් ඒ බලය හොලවන්න බැරිවෙයි කියලා. රටේම තිබුණේ මේ වගේ අදහසක්. 


ඔය අතරේ රනිල් වික‍්‍රමසිංහ මුණගැහුණු අවස්ථාවක මම ඇහුවා මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළොත් මොකද අපි කරන්නේ කියලා. ඔහුටත් ඒ ගැන පැහැදිලි අදහසක් තිබුණේ නෑ. ඒ වෙනකොට ඔහුත් මගෙන් ඇහුවෙ මොකද කරන්නේ කියලා. මගේ අදහස වුණේ මොන අමාරු තත්ත්වයක් යටතේ වුණත් අපේ පක්ෂයෙන් තරඟකරුවෙක් ඉදිරිපත් වෙන්න  ඕනෑ කියලා. මේ අතරෙම තමයි පොදු අපේක්ෂකයකුගෙ කතා බහක් එහෙන් මෙහෙන් එන්න පටන් ගත්තේ. මේ අදහස ජනතා විමුක්ති පෙරමුණත් කීප තැනකම කියලා තිබුණා. කාටත් ප‍්‍රශ්නයක් තිබුණේ යුද්ධය දිනපු එකේ ක්‍රෙඩිට් එක මේ මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාව වෙන නිසා ඒකට තරගයක් දීලා මහින්ද රාජපක්ෂ එක්ක හැප්පෙන්න කවුද ඉදිරිපත් කරන්නේ කියන එක. 


ඔය දවස්වල එක අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මුණගැහෙන්න ආවා සරත් ෆොන්සේකාගේ සමීපම පුද්ගලයෙක් වුණු සේනක සිල්වා. එයා ඇවිත් කතා බහකරමින් ඉන්න අතරේ යෝජනා කරලා තියෙනවා ජනරාල් ෆොන්සේකා මැතිවරණයට ගෙනල්ලා අපේක්ෂකයෙක් විදියට තරඟ කරන්න පසුබිම හදන්න ඔහුට පුළුවන් කියලා. මොකද ඒ වෙන කොටත් සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ විරෝධයක හිටියේ. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකාට හුද හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන තැනට වැඩ කරපු නිසා. ඒ වෙනකොට කතාවක් පැතිරිලා ගියා හමුදා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා මහින්ද රාජපක්ෂට විරුද්ධව කියලා. ජාතිත ඔත්තු සේවාත් මේක වාර්තා කරල තිබුණා කියලා තමයි කියවුණේ. ඒකෙන් කියවුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බී.එම්.අයි.සී.එච්. එකට ආපු වෙලාවක හමුදාව ඔහුව අත්අඩංගුවට අරගෙන රට අල්ලනව කියලා. ඒක එහෙම වෙන්නත් බැරිකමක් තිබුණේ නෑ. මොකද යුද ජයග‍්‍රහණත් එක්ක හමුදාව විශාල බලවත් තැනක ඒ වෙනකොට හිටියේ. හමුදාව අතර සහ මහජනතාව අතර සරත් ෆොන්සේකා ඒ වෙනකොට බලවත් සහ ජනප‍්‍රිය චරිතයක් වෙලා හිටියේ. 


මේ තොරතුරු ලැබීමත් එක්ක මහින්ද රාජපක්ෂ කලබලයට පත්වෙලා කළේ සරත් ෆොන්සේකාව යුද හමුදාපති ධුරයෙන් ඉවත් කරලා උසස් වීම් දීම. ඒ උසස්වීම් දීම ඇතුළෙ තිබුණේ ඔවුන්ට තිබුණු බලය අඩු කිරීම. එහෙම කරලා හමුදාපති ධුරයට තමන්ගේ විශ්වාසවන්ත අයෙක්ව දැම්මා. සරත් ෆොන්සේකා කොහොමවත් බලාපොරොත්තු වුණේ නෑ ඔහුව හමුදාවෙන් ඈත් කරලා බලය අහිමි කරයි කියලා. ඔහුට අලූතෙන් දෙන්න සූදානම් වුණු තනතුර ගැන ෆොන්සේකාගේ කැමැත්තත් තිබුණේ නෑ. ඊට පස්සේ ෆොන්සේකාව ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් විදියටත් පත් කරන්න සූදානම් වුණා. ඔහු ඒකටත් කැමැත්තක් දැක්වූයේ නෑ. කොහොම නමුත් යුද හමුදාපති ධුරයෙන් අයින් කරලා ෆොන්සේකාව ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට දැම්මා. ඒකේ ඉන්නකොට තමයි සේනක සිල්වා ඇවිත් රනිල් වික‍්‍රමසිංහට යෝජනා කරන්නේ ෆොන්සේකාව මැතිවරණයට ඉදිරිපත් කරන්න සම්බන්ධීකරණ කටයුත්ත කරන්න ඔහුට පුළුවන් කියලා. 


තවත් කොටසක් ලබන සතියට.

 

ප‍්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (1)

ජනාධිපතිවරණයට සරත් ගෙනා සේනක

Senerath Tuesday, 01 August 2017 10:30 AM

මටනම් හිතෙන්නේ ෆොන්සේකා මහත්තය අනුන්ගේ ලනු කාල, තමන්ගේ තැන නැතිකරගත්තා කියල . එහෙම නැත්නම් ඔහුට හොද තැනක් තිබුන. ඒ වගේම ඔහු විරුද්ධ වාදීන්ට පහරදෙන්න ක්ෂණික තීරණ ගන්න කෙනෙක්. ඒ හේතුවෙන් තමයි රාජපක්ෂලාට පහරගහන්න අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාවක් කියල අවසානයේදී ඒක මුළු රටටම පාරාවළල්ලක් වෙලා , අපේ හමුදාවන්ට විශාල කැලලක් උනේ. එහෙම නොවූනානම් අපේ හමුදාවන් යුද්ධයේදී ක්‍රියාකරපු ආකාරය ලෝකේ කිසිම හමුදාවක් නොකළ මට්ටමේ විශිෂ්ට එකක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13510 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site