ඔභ් සංවිධානය තුළ අභ්‍යන්තර ප්‍රශ්න ද ගොඩනැගෙමින් තිබුණ අතර ආණ්ඩුව ඔභ් සංවිධානයට සම්බන්ධ ඛඔඔෑ හිතවාදී පිරිස් මුදල් ලබාදෙමින් තම වසඟයට ගැනීමද මේ වන විට සිදුවෙමින් පැවතිනි. ඉතිහාසය නැවත සිදුවේ. :්‍යසිඑදරහ රුචැ්එි සඑිැකf* යන ප්‍රකාශය නැවත සිහිගැන්වූ මෙම සිදුවීම 2005 ජනාධිපතිවරණ සමයේදී ඛඔඔෑ යට මුදල් ලබාදීමේ සිද්ධියට සමානකමක් දැරීය. කෙසේ වෙතත් තම උපරිම දේශපාලන විචක්ෂණභාවයත් නිපුණතාවයත් පෙන්නුම් කළ චන්ද්‍රිකා මැතිනිය ඔභ් හි විරුද්ධ මතධාරී සියලු පාර්ශ්ව තම නිවසේ ප්‍රධාන මේසය මතට එක් කළේය. එපමණක් නොව 2010 ජනාධිපතිවරණය ආශ්‍රිත තිත්ත අත්දැකීම් මත රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අතරද ආරම්භයේ දී යම් විරසක බවක් පැවතුණි. ඒ අනුව එම දෙදෙනා අතරද යම් මැදිහත්කාර ප්‍රයත්නයක නිරත වීමට චන්ද්‍රිකා මැතිනියට සිදුවිය.

තවද, ජාතික හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ හැර බොහෝ පක්ෂ හා කණ්ඩායම් සමග චන්ද්‍රිකා මැතිනිය සාකච්ඡා කළාය. විශේෂයෙන්ම 2004 එජනිස ගොඩනැගෙන සමයේදී මෙන්ම මෙවර ද ජනතා විමුක්ති පෙරමුණ සමග කථාකළේ මංගල සමරවීර මහතාය. මේ අතර තැන තැන පොදු කවුරුන් වේද යන ප්‍රශ්නය නොවැම්බර් මස පළමු සතිය වන විට මතුවෙමින් පැවතිණි. මෙතෙක් අප්‍රකාශිත පොදු පේක්ෂකයා යථාර්ථයක් වන බවට යම් ඉඟියක් පළකරමින් නොවැම්බර් 11 වැනි දින පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී රනිල් වික්‍රමසිංහ හා සෝභිත හිමියන් ප්‍රමුඛ පක්ෂ හා සංවිධාන 19ක් එක්ව පොදු අපේක්ෂකයකු සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ප්‍රකාශයට පත්කරන ලදි. විශේෂයෙන්ම මේ වන විට යෝජිත ජනාධිපතිවරණය අභිමුව සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය බෙදී වෙන්වී තිබුණ අතර එම පක්‍ෂ දෙකෙන් වෙන්වී ගිය කණ්ඩායම්වල නායකයන් මෙන්ම ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ ද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූහ.


මේ අතර එක්සත් භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද හිමියන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් තමන් සියලු නිලතලවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දුන්නේය.

 උන්වහන්සේගේ තර්කය වුයේ සෝභිත හිමියන් නායකත්වය දෙන ‘සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය’ මගින් නම්කරනු ලබන පොදු අපේක්ෂකයා අවසන් වශයෙන් තීරණය කිරීමේ අයිතිය එජාපය සතුවන බැවින් කරු ජයසූරිය මහතා එලෙස පොදු අපේක්ෂකයා ලෙස නම්කළ යුතු බවයි.


එලෙසම, නොවැම්බර් 11 වැනිදාම තවත් වැදගත් සිදුවීමක් විය. එනම් රාජපක්‍ෂ ජනාධිපතිතුමාට තුන්වන වරටත් තරග කළහැකි බවට වන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශාත්මක මතය ප්‍රකාශයට පත් කිරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (3අ) (අ) (1) වගන්තිය ප්‍රකාරව තුන්වරක් තරග කිරීමට කිසිදු ව්‍යවස්ථාමය බාධාවක් නොමැති බවට දස දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කරන ලද අතර ඒ පිළිබඳ ඔවුන්ගේ මතය ජනාධිපතිවරයා වෙත යවා තිබිණි. ඒ අනුව එම තීරණය මුල්වරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරන ලද්දේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.


කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිතුමා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කිරීමත් සමග එජාපය හා ජවිපෙ මූලික වශයෙන් විරෝධතාව දැක්වීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන බොහොමයක් ද එලෙස ඊට දැඩි විරෝධයක් දැක්වීය. මෙහිදී ජවිපෙ ඇතුළු සමහර සංවිධාන ‘මහින්ද තුන්වරක් බෑ’ යනුවෙන් වූ මතවාදයක් රට තුළ ගොඩනැඟෙද්දී ආණ්ඩුවට හිතවත් ආණ්ඩුවේ නිලතල දරමින් ඉන් යැපෙන උගතුන් ශ්‍රී ලංකා පදනම් ආයතනය මුල්කරගනිමින් ‘මහින්දට තුන්වරක් පුළුවන්’ යනුවෙන් සම්මන්ත්‍රණයක්ද සංවිධානය කරවීය. නමුත් මින් වඩා වැඩි ජනතා ආකර්ෂණයක් හිමිවූයේ ‘මහින්දට තුන්වරක් බෑ” යන මතවාදය වෙතටය.


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තුන් වරක් තරග කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ආශ්‍රිත ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙස එම සංගමය නොවැම්බර් 7 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට පෙර එනම්, නොවැම්බර් 5 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකම්වරිය නීතිඥ සංගමයට දන්වා තිබුණේ 7 වැනිදා සවස 3.00ට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසයි. එහෙත් නොවැම්බර් 6 වැනිදා පොහොය දිනයකි. මෙම තත්ත්වය මත රට පුරා විසිරී සිටින තම සංගමයේ සාමාජිකයන්ගෙන් අදහස් විමසීමට ප්‍රමාණවත් කාලයක් තමන්ට නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. මේ අනුව ජාතික වැදගත්කමකින් යුත් මෙම කටයුත්තට ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම මගින් ජනාධිපතිතුමාට වාසිදායක වන ආකාරයේ මතයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙනු ඇති බවට සියලු දෙනාම පූර්ව නිගමනයකට පැමිණ සිටියහ.


තවදුරටත් පොදු අපේක්ෂකයා කවුරුන්ද යන ප්‍රශ්නයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මහත් උද්දාමයෙන් යුතුව ප්‍රකාශ නිකුත්කළ අතර ඊට සමගාමීව ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ කාටූන් තුළින් ද එය විශද විය. එවැනි එක් කාටූනයක දැක්වූයේ බොක්සිං ක්‍රීඩකයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කාඞ්බෝඞ් පොදු අපේක්ෂකයන්ට වැරෙන් පහරදෙන ආකාරයකි.


මෙම පරිච්ජේදය ආරම්භයේදීම දැක් වූ පරිදි නොවැම්බර් 13 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෛත්‍රී ඇමතිතුමා මා මුණගැසීමෙන් පසුව සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි විය. එම මාධ්‍ය හමුවේදී ඉතා කෙටි වේලාවක් කථා කළ මෛත්‍රී ඇමතිතුමා ශක්තිමත් අයවැයක් ඉදිරිපත් කර ඇති මෙම අවස්ථාවේ බහුතර ජනතාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා යළි දිනවීමට සන්ධානය වටා එක්රොක් වෙමින් සිටින බව පැවසීය. එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ වාසුදේව නානායක්කාර ඇමතිවරයා මෛත්‍රී ඇමතිතුමාගේ වම් පස සිට අදහස් දක්වමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ළඟින්වත් තියන්න පුළුවන් අපේක්ෂකයකු විපක්ෂයට තවම සොයාගත හැකි වී නොමැති බවයි. කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාව අවසන්වීමට පෙර මාධ්‍යවේදීන් මෛත්‍රී ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්න කිහිපය අතර ‘ඔබ පොදු අපේක්ෂකයා’ වෙනවාද? විපක්‍ෂයෙන් ඔබට ආරාධනා ලැබී තිබෙනවාද? මේ සියලු ප්‍රශ්න ඉදිරියේ සිනාමුසු මුහුණින් සිටි එතුමා එම සියලු ප්‍රශ්නවලට ඉතා කෙටි පිළිතුරක් සැපයීය. ‘කවුද විපක්‍ෂයට යන්නේ. විපක්‍ෂයේ අයනේ මෙහෙට එන්නේ’ යනුවෙන් පමණක් පැවසීය. සැබැවින්ම  මෙම සිදුවීම හා එතුමාගේ ප්‍රකාශය පසුව සිට විග්‍රහ කරන කල ඇමැතිතුමාට එලෙස යම් සම්‍ය ප්‍රයෝගයක් යෙදීමට සිදුවූයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්වනතුරු තමාගේ පොදු අපේක්ෂකත්වය රහසක් ලෙස තබා ගැනීම අනිවාර්යය හා නිශ්චිත සාධකයක් වූ නිසාය.


නොවැම්බර් 13 වැනි දින ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී කථාකළ චම්පික රණවක ඇමැතිතුමා එජනිසයෙන් ඉවත්ව යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්. තමන් ඒ වනවිට ආණ්ඩුව වෙත ඉදිරිපත්කර ඇති සත්වැදෑරුම් යෝජනාවලියට යහපත් ප්‍රතිචාරයක් ලැබුනහොත් තමන් සන්ධානයෙන් ඉවත් නොවන බවට ද චම්පික ඇමතිතුමා ප්‍රකාශ කළේය. මෙහිදී කථාකළ උදය ගම්මන්පිලගේ අදහස වූයේ සන්ධාන බසය මහා හෙළකට ගමන් කරමින් සිටින බවකි.

 

මතු සම්බන්ධයි.


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්