IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අවසන් මොහොතේ මහින්දගෙන් ආ ඇමතුම

තිස්සගේ මතක වත-108

 

 

ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේනගේ නාමයෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී වෙන්නවත් පක්‍ෂ මහලේකම් විදියට ආරාධනාවක් ලැබුණේ නෑ. ඒ පිළිබඳ මට කිසිම දැනුම්වත් කිරීමක් කළේ නෑ. මෛත්‍රී තරග කළේ හංසයා ලකුණ යටතේ නිසා එක්සත් ජාතික පක්‍ෂයට ඒ ගැන වගකීමක් තිබුණේ නෑ. මැතිවරණ කාර්යාලය සමඟ ඒ පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කළේ හංසයා ලකුණ අයිති පක්‍ෂය. නාම යෝජනා පත්‍ර බාර දෙන්න පෙර දිනයෙත් නාමයෝජනා බාරදීමට යන කණ්ඩායමට අවශ්‍ය අවසර පත්‍ර කිසිවක් සිරිකොතට ලැබිල තිබුණේ නෑ. එදා මම අත්තනගල්ල ආසන බල මණ්ඩලයෙත් බණ්ඩාරගම ආසන බල මණ්ඩලයෙත් රැස්වීම් දෙකකට සහභාගි වෙන්න හිටියේ.
ඒ අතරෙත් මම සිරිකොතට කතා කරලා අවසර පත්‍ර ගැන විමසුවා. ඒ වෙද්දිත් ලැබිල තිබුණේ නෑ. මම දැන ගත්තා ඒ අවස්ථාවෙනුත් මාව කපන්න මට විරුද්ධ කණ්ඩායම කටයුතු කරනවා කියලා. ඒ කණ්ඩායමට  මගේ නම ඇතුළත් නොකරන්න ඒ අය සූක්ෂමව ක්‍රියා කරනවා කියලා මට හිතුණා.


මේ තත්ත්වය උඩ මට ලොකු කලකිරීමක් ඇතිවෙලා. මම කොළඹ ඉන්නවත් ඕන නෑ කියලා හිතලා නාම යෝජනා බාර දෙන දවසෙ කොළඹින් පිටවෙලා ඉන්න තීරණය කළා. මම බණ්ඩාරගම බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙන එකත් කැන්සල් කරලා ආසන සංවිධායක අජිත් පෙරේරාට කතා කරලා මට එන්න වෙන්නෙ නෑ කියලා එදා හවසට නුවර යන්න පිටත් වුණා. ඒ වෙද්දී අපේ අම්මත් ටිකක් අසනීප තත්ත්වයෙන් හිටියෙ. මට අම්මා බලන්න ලොකු ඕන කමක් තිබුණා. ඒ නිසා මම හසලක අම්මලගෙ ගෙදර ගියා. මම අම්මා බලන්න යද්දී හවස හය විතර වුණා. අම්මාව බලලා රෑම මම ආපහු කොළඹ එන්න තීරණය කළා. එහෙම එද්දී දහඅට වංගුව හරියෙදි රනිල් වික්‍රමසිංහගෙන් “කෝල්” එකක් ආවා. රනිල් ඇහුවෙ හෙට මෛත්‍රී නාම යෝජනා දෙන වැඬේට එන්නේ නැද්ද කියලා. මම කිව්වා ආරාධනාවක්වත් නැතුව මම මොකටද එතෙන්ට යන්නේ කියලා. රනිල් කිව්වෙ එයාටත් විශේෂ ආරාධනාවක් නෑ ඔය පටලැවිල්ල රවීගෙ වැඩක් කියලා, රවීගෙ පැත්තටම වරද පැටෙව්වා. කොහොම වුණත් නොවරදීම එන්න කියලා කියපු රනිල් මෛත්‍රී මාව හොයනවා කියලත් කිව්වා. මම ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ. රනිල් කිව්වා මෛත්‍රීට කෝල් එකක් දීලා බලන්න කියලා. මම කිව්වා මම මොකටද මෛත්‍රීට කතා කරන්නෙ මට බෑ කියලා. රනිල්ගෙ ඇමතුමට විනාඩි දහයකට විතර පස්සේ මෛත්‍රී මට කෝල් එකක් දීල ඇහුවා තිස්ස හෙට එන්නෙ නැද්ද. මම කිව්වා නෑ කියලා. මෛත්‍රීත් රවීටම දොස් කිව්වා. අවසර පත්‍ර වරද්දලා යවල කියලා. එයා කිව්වෙ මගේ අවසර පත්‍රය එයා ළඟ තියෙනවා නොවැරදීම හෙට එන්නම ඕනෑ කියලා. මම මෛත්‍රීට කිව්වා එහෙම බලෙන් වගේ සහභාගි වෙන්න මට ඕනකමක් නෑ අනික මම දැන් නුවර ඉන්නෙ හෙට කොළඹ එන්න බලාපොරොත්තුවකුත් නෑ කියලා මම කිව්වා. මෙහිදී දිගින් දිගටම කිව්වා දැන්ම කොළඹ එන්න පිටත් වෙන්න ඔයා මාත් එක්ක නාම යෝජනා දෙන්න යන්නම ඕනෑ කියලා. මම බලමු කියලා කෝල් එක කට් කළා.


ඒ වෙද්දි ලොකු කටකතාවක් පැතිරෙමින් තිබුණා, මම මහින්ද රාජපක්‍ෂ එක්ක එකතුවෙලා කියලා. මට දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා දිගින් දිගටම. මේ ගැන විමසලා ඒ වෙනකොට මහින්ද රාජපක්‍ෂ මාත් එක්ක මේ කිසිම දෙයක් ගැන මොකක්වත් කතා කරලා තිබුණේ නෑ. මේ අතරෙම කොළඹ එන්න කලින් මම හිතුවා නුවරට ඇවිත් දළදා මාළිගාවට ගියොත් හොඳයි කියලා. මම මාළිගාවට ගිහින් වැඳපුදා ගෙන වේඬරුවෙ උපාලි හාමුදුරුවොත් මුණ ගැහිලා ටිකක් කතා බහ කරලා කොළඹ එන්න පිටත් වුණා. ඒ එන අතරේ නුවර මගේ ළඟම හිතවතෙක් වන ජී. එම්. ටී. කරුණාරත්නවත් හම්බවෙලා යන්න ඕනෑ කියලා, එයත් බලන්න ගියා. මගේ ප්‍රශ්නය එයාටත් මම කිව්වා. මම එයාට කිව්වා මට තියෙන කැපිල්ල සහ මගේ කලකිරීම. පක්‍ෂ මහ ලේකම්කමින් අයින් වෙන්න තීරණය කළා කියලත් මම කිව්වා. එයා කිව්වා එහෙම කරන්න එපා එයා රනිල්ට මේ ගැන කතා කරලා මොකක් හරි කරන්න බලමු කියලා. මම එපා කියලා එන්න පිටත් වුණා. ඒ අතරෙ එයා මම ලේකම්කමින් අස්වෙන බව එයාට කිව්වා කියලා රනිල්ට කියලා. රනිල් මේ ගැන මගෙන් “කෝල්” කරලා ඇහුවා. මම කිව්වා කොළඹ ඇවිත් විස්තර කතා කරමු කියලා. මම කොළඹට එන ටිකට එකක් ඉවර වෙන්න කලින් එකක් දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා. ඔය අතරෙ තමයි මහින්ද රාජපක්‍ෂගෙනුත් කෝල් එකක් ආවෙ.


තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

අවසන් මොහොතේ මහින්දගෙන් ආ ඇමතුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site