IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෞඛ්‍ය අමාත්‍යංශයේ රහස් කතා බහ

 

මෙම සිදුවීමට සමගාමීව තවදුරටත් දිනෙන් දිනම නව තත්ත්වයක් ගොඩනැගෙමින් වර්ධනය විය. පී දිසා හා චම්පානි එක්ව කරු ජයසූරිය මහතා මුණ ගැසෙන්නේ කොටහේන ප්‍රදේශයේ පිහිටි ජයකුමාර් මහතාගේ නිවසේදීය. ඔහු සම සමාජ පක්ෂ පසුබිමකින් පැමිණි අයකු වූ අතර චන්ද්‍රිකා මැතිනියගේ හිතවතෙකි. 


මේ සමගම මේ දෙදෙනා රවී කරුණානායක සමග ද සාකච්ඡාවක් අරඹා ඇත. ඒ සඳහා ස්ථානය වශයෙන් යොදා ගැනෙන්නේ කරුණානායක මහතාගේ මවගේ නිවසයි. ඒ වන විට රවි කරුණානායක මහතාගේ දැඩි විශ්වාසය වූයේ පොදු අපේක්ෂකයා ලෙස චන්ද්‍රිකා මැතිනිය පැමිණිය යුතු බවයි. තවද දිසා - චම්පානි දෙදෙනා සමග අදහස් හුවමාරු කර ගත් අයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් ද සිටී. ඔහුද රනිල් වික්‍රමසිංහ මහතා නොවන අයකු පොදු අපේක්ෂකයා විය යුතු බවට අදහස් දැරීය. දිසා චම්පානි නිතර අදහස් හුවමාරු කර ගත් අනෙක් පිරිස අතර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා නීතිඥ ජේ. සී. වැලිඅමුණයි. මේ වන විට මොවුන්ගේ සාකච්ඡාවල අවසන් හරය බවට පත්ව තිබුණේ පොදු අපේක්ෂකයා විය යුත්තේ චන්ද්‍රිකා මැතිනිය ද? නොඑසේ නම් කරු ජයසුරිය ද? යන්නය. 


ඒ අනුව ඔවුන් වඩාත්ම උත්සාහ කළේ චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂකයා කර වීමටය. ඊට සමගාමීව රනිල් වික්‍රමසිංහ මහතාගේ මනෝභාවය වූයේ කුමන නම්, කොයි කොයි ස්ථානවල යෝජනා වුවද තමාට නොලැබෙන පොදු අපේක්ෂක ධුරය මේ මහ පොළොවේ වෙනත් අයෙකුට ලබා දෙන්නේ නම් ඒ චන්ද්‍රිකා මැතිනියට පමණක් බවයි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් එවිට තමන් මහත් අසීරුතාවකට පත් වන බව ජයම්පති චම්පානි හා දිසා ඒකමතිකව පිළිගත් අතර වැලි අමුණ එම මතයට වෙනස් මතයක් දැරීය. තවද ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිටියද චම්පානි දිසා යුගලය රාජිත ඇමතිතුමා සමගද තම සංවාදය ආරම්භ කර තිබුණි. මේ අතර දිනක් රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ගොඩ නැගි ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා දිසා හා චම්පානි ඔහුගේ නිවසට ද ගියේය. 


සැබවින්ම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ යටි සිත වෙන තැනකය. ඔහු බලා සිටියේ රාජපක්ෂවරු සමග මාරාන්තික වූ පිරිසක් ඉන් ඉවත්ව තමා සමග එකතු වු කල ඒ තුළින් තමාට පොදු අපේක්ෂකයා විය හැකි බවය. ඔහු 2001 සිදු වීම නැවත සිදු වන දිනය කවදා විය හැකි දැයි සිතමින් සිටියා සේය. ඊට අනුව රාජපක්ෂවරුන් සමග ගොඩනැගෙමින් තිබූ ශ්‍රී.ල.නි.ප. අර්බුදය පිළිබඳ පූර්ණ අධ්‍යනයක යෙදී සිටියේය. රනිල් වික්‍රමසිංහ මහතා දිසා හා චම්පානි මුණ ගැසුණු කල නොවරදවාම විමසන්නේ නාවින්න කොහොමද? පියසේන කොහොමද? දුමින්ද කොහොමද? ජනක මොකද කියන්නේ? ආදී වශයෙනි. 


රනිල් වික්‍රමසිංහ මහතා එසේ විමසද්දී පක්ෂයේ ලියවිල්ලකට අත්සන් ගැනීමට යැයි කියමින් ඩාර්ලි පාරෙන් පිටත් වන චම්පානි බොහෝ විට මධ්‍යාහ්න 12.15 ආසන්න වේලාවක සෞඛ්‍ය අමාත්‍යාංශයට යයි. මන්දයත් එවිට බොහෝ දෙනා දිවා ආහාරයේය. මෙලෙස මධ්‍යාහ්නයේ එහි යන චම්පානිගේ මෙන්ම වෙනත් අවස්ථා වල එහි යන දිසාගෙන් මෛත්‍රී ඇමතිතුමා අසනු ලබන ප්‍රසිද්ධ ප්‍රශ්නය වන්නේ මැඩම් මොකද කියන්නේ? ජනක එහෙම දැන් මොකද කියන්නේ ආදී වශයෙනි. මේ ආකාරයෙන් දිනක් දිසා මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේදී 34 දෙනකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මොවුන් යම් තීරණාත්මක අවස්ථාවක දී පක්ෂයෙන් එළියට එනු ඇතැයි පැවසුවත් මෛත්‍රී ඇමතිතුමා එය එසේ නොවන බවට අනාවැකි පළ කළේ. එය එසේ වුවත් මෙම 34 දෙනාගේ ලැයිස්තුව ගැන කියමින් හා සිතමින් චම්පානි දිසා හා ජනක හවසට “පොඩි අඩියක්” ගැසීමට ද අමතක නොකරති. එවැනි අවස්ථා වල ජනක බණ්ඩාර ඇමතිතුමා වහාම එතැනට තුසිත හල්ඔලුවද කැඳවයි. 


මේ අතර දිනක් ජනක බණ්ඩාර ඇමතිතුමා දඹුල්ලේ සිට කොළඹ එන අතරතුර එම රාත්‍රියේම වහාම තම නිවසට පැමිණෙන ලෙස දිසාට හා චම්පානිට දැනුම් දෙන ලදි. තම නිවසේදී මෙම දෙදෙනා මුණ ගැසුණු ජනක බණ්ඩාර ඇමතිතුමා කියා සිටියේ එදින දහවල් දඹුල්ලේ තම නිවසට මෛත්‍රී ඇමතිතුමා පැමිණි බවත් තමා සමග දිවා ආහාරය ද ගත් මෛත්‍රී ඇමතිතුමා දැඩි කලකිරීමකින් තමා සමග කථා කළ බවත් සඳහන් කරමින් ඒ වෙනුවෙන් ද තිදෙනා විස්කි බෝතලයක් විවෘත කළහ.


විශේෂයෙන්ම චම්පානි පද්මසේකර ශ්‍රී.ල.නි.ප. කාර්යාලය තුළද, බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්යාලය තුළද මේ වන විටත් දැක ගත හැකි චරිතයකි. ඔහුගේ හැසිරීම ඒ තරමටම සූක්ෂමය. එමෙන්ම විනෝදජනකය. දුරකථන භාවිතයේදී ඒ වන විට මතු ව තිබුණ ප්‍රධානතම ගැටලුව සහ සැකය වූයේ ආණ්ඩුව අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ යොදා ගනිමින් ඔවුන්ට විරුද්ධ සෑම දුරකථන ඇමතුමක්ම පටිගත කර අසනු ලබන බවයි. මෙම දුරකථන සවන් දීමේ බිය සමස්ත රටම වෙලා ගෙන තිබීම ඊට පිළියමක් ලෙස චම්පානි හා දිසා තම දුරකථන ඇමතුම් සඳහා අන්වර්ථ නාම යොදා ගත්හ. ඒ අනුව මෛත්‍රී ඇමතිතුමා හා චන්ද්‍රිකා මැතිනිය සඳහා ඔවුහූ ශ්‍රී ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයකුගේ හා වෛද්‍යවරියකගේ නම් යොදා ගත්හ.


විශේෂයෙන්ම චම්පානි මෙම කරුණ සම්බන්ධයෙන් දෙන දුරකථන ඇමතුම් සඳහා අමුතුම ආකාරයේ උච්චාරණ විලාශයක් ද අනුගමනය කළේය. බොහෝ විට චම්පානි දිසා හා ජයම්පති ඉතා වැදගත්ම තොරතුරු සන්නිවේදනය කර ගැනීම සඳහා “ආසිරි සර්ජිකල් රෝහලත්” “ලංකා හොස්පිටල්ස්” රෝහලත් තෝරා ගත්හ. එහෙත් ප්‍රශ්නය නම් චම්පානි පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ඔහු විසින්ම ඔහුගේ හැසිරීම පාලනය කර ගැනීමය.


ශ්‍රී.ල.නි.පයේ. හිටපු භාණ්ඩාගාරික ඊ. පී. අයි. පියදාස මහතාගේ පුත් කමල් කිත්සිරි විසින් ඉහත කටයුතු සඳහා අවශ්‍ය වාහන ඇතුළු සියලු පහසුකම් චම්පානි වෙත සපයන ලදී. මේ කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනිය හා මෛත්‍රී ඇමතිතුමා අතර ඇති වී ඇති සංවාදයේ සැබෑ තත්ත්වය චම්පානි දැන සිටියේ නැත. එය දැන සිටියේ දිසා හා ඔහුගේ පුත් ශෂිමාල් පමණි. චම්පානි දැන සිටියේ චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව වන බවය. මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ ඒ වෙනුවෙනි.


මේ අතර දිසා - චම්පානි හා ජනක බණ්ඩාර ඇමතිතුමා මා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රසන්ටේෂන් විග්‍රහය ඩිව් ගුණසේකර ඇමතිතුමාගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේදී නැරඹූ බව මීට පෙර සඳහන් කරන ලදී. මේ වන විට එය ඔවුන්ට මහා පරිමාණයේ චිත්ත ධෛර්යයක් සැපයූ සිදුවීමක් වී තිබිණි. තවද මේ වන විටත් මෙම තිදෙනා හා තුසිත හල්ලොලුව එක්ව සන්ධානයේ මන්ත්‍රීවරු 41 දෙනකුගේ ලැයිස්තුවක් සකසා තිබුණු අතර රාජපක්ෂවරුන්ට එරෙහිව යම් මොහොතක ආණ්ඩුව අත්හැර මොවුන් විපක්ෂයට එක් වන බවට මාධ්‍යවල පළ කරන ලදි. නමුත් මෙහි නම් සඳහන් බොහෝ අය ඒ පිළිබඳ දැන සිටියේද නැත. 


මේ අතර ජනක ඇමතිතුමා, චම්පානි හා දිසා ජ්‍යොතිෂයෙන් ද යම් අවසන් විග්‍රයක් ලබා ගැනීමට ක්‍රියා කළහ. ඒ අනුව දිවයිනේ ප්‍රමුඛ දෛවඥයින් පිරිසක් ජනක බණ්ඩාර ඇමතිතුමාගේ නිවසට කැඳවා රාජපක්ෂ පවුලේ සියලුම දෙනාගේ හඳහන් කොපි ඔවුන් අතර බෙදා දෙන ලදි. ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ සාමාජිකයන්, බැසිල්, ගෝඨාභය හා චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ හඳහන් හා ඔවුන්ගේ දරුවන්ගේ හඳහන් ද ඇතුළත් විය. පළමු දිනයේ මෙම සියලුම හඳහන් පැමිණ සිටි සියලු දෛවඥයන් අතරේ බෙදා හැරි අතර මේ සියල්ලම අධ්‍යයනය කර ඉන් පසු දිනක යළිත් එම පිරිස කැඳවීය. විශේෂයෙන්ම ජනක බණ්ඩාර ඇමතිතුමා සතුව මෙම හඳන් කොපි සියල්ලම තිබුණ අතර ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ හඳහන පමණක් ඔහු සතුව තිබුණේ නැත. ඊට හේතුව එතුමිය සතුව හඳහනක් නොතිබීම වන්නට ඇත. කෙසේ වෙතත් මේ සඳහා සහභාගී වූ ප්‍රසිද්ධ දෛවඥයන් අතර නාත්තන්ඩියේ පී. ඩී. පෙරේරා හලාවත සෝම සාමි හා 2016 වසරේදී මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය බවට පත් වූ නිලුකා ඒකනායක මහත්මිය ද වූහ. 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සෞඛ්‍ය අමාත්‍යංශයේ රහස් කතා බහ

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4915 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site