IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කැබූ’ නමින් නව මෘදුකාංගයක්

රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම අද (6) කොළඹ දී සිදු කෙරිණි.

කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී.

නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත.

එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ.

කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත. 

කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉරාජ වීරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. 

(හර්ෂණ තුෂාර සිල්වා)



අදහස් (5)

‘කැබූ’ නමින් නව මෘදුකාංගයක්

Raveendra Friday, 06 September 2019 12:19 PM

දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්..!! තව තවත් මෙවන් නිර්මාණ කර ලක්මවට තම යුතුකම් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා...!!!

:       9       167

pakeer Friday, 06 September 2019 06:04 PM

අලුත් දෙයක් කරපල්ලා... නවතාවයකින් අලුත් අදහස් ඕනේ...

:       0       15

abaran Saturday, 07 September 2019 12:54 AM

කොම්පියුටරෙන් හරි කමක් නෑ...රටේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහල යවනවානම්..

:       0       37

ANR Saturday, 07 September 2019 07:35 AM

මුස්ලිම්, වෙන රටවල් වලට සල්ලි අදින ඒවා නැතිව මේවගේ ඒවා එන එක සෑහෙන්න වටිනවා.

:       516       1636

Kamal Tuesday, 17 September 2019 08:47 AM

ඔය තැඹිලි පාට ටයි එකක් දාගෙන ඉන්නේ... ඔය මනුස්සයා duo එකේ වැඩ කළා. වැඩක් අලුතෙන් පටන් ගන්න නිසා කියන්නේ.. පරිස්සමින්!!! ජයවේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 76 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site