IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට යයි

( තිළිණි ද සිල්වා )

 
 
මත්තල ගුවන්තොටුපල, සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේදී එය ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
විදේශිය සංචාරක ගමනාන්තයක් ලෙස එම ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගැනෙන බව ද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
 
කොවිඩ් 19 වසංගතය රට තුල පැතිර යාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත්කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණු අතර සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග එම වැඩසටහන යලි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දේ.
 
 ඒ අනුව සංචාරකයන්ට කටුනායක හා මත්තල ගුවන්තොටුපල දෙකම විවෘත කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.
 
මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව විදේශිය ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කෘෂි කාර්මික වගාකරුවන් හදුනා ගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කර ගැනීම, භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සදහා පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
 පසුගිය කාලයේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම සදහා ද මත්තල ගුවන්තොටුපල භාවිතා කළ අතර  පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039ක් වේ.තවද ගුවන් යානා 396ක් මත්තලට පැමිණ ඇති අතර හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83,654ක් යැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.
 
නව ගුවන් සමාගම් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මත්තල ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළේය.
 

 



අදහස් (0)

මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 32 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 143 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


අවුරුදු සමයේදී මහජන බැංකු‍වේ මිලියන 17කට අධික ගනුදෙනු
2024 අප්‍රේල් මස 29 60 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 191 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 216 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 152 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site