IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කිෂූ සංචාරක ව්‍යාපාරය විනිවිද දකී

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිමත් ප්‍රතිපත්ති අවශ්‍ය බව සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇගයීමක් කරමින් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ වෘතිකයකු වන කිෂු ගෝමස් මහතා අවධාරණය කරයි. සංචාරක ව්‍යාපාරය අංශය ලබාගත් ජයගහ්‍රණ ද විවේචනය කරමින් ඒ මහතා මේ බව කියයි.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 138 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රධාන බලාපොරොත්තු වෙත ළඟාවීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇතැයි පසුගිය දශකයේ සංචාරක ක්ෂේත්‍රය ලබාගත් ජයග්‍රහණ පිළිබඳ ඇගයීමක නියළෙමින් ඒ මහතා පැවසුවේය.

“අපි සංවර්ධන ක්‍රියාවලිය ගැන පුරසාරම් කියමින් ඉන්නා අතර සංචාරක කෂේත්‍රයෙන් අපේ රටට ලැබිලා තියෙන දායකත්වය දිහා බැලුවොත් අපිට ඒ බව පෙනෙන්නට තියෙනවා. 2005 දී එහි දළ දේශිය නිෂ්පාදිතය 8% ක්. 2016 වසරේදී එය 11.4%ක් වුණා. වසර 11ක් ඇතුළත එය වැඩිවෙලා තියෙන්නේ 3.4 % කින් පමණයි.“

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල තරඟකාරිත්වය අනුව ශ්‍රී ලංකාව මේ වසරේ 64 වැනි ස්ථානයේ සිටින බවත් ගිය වසරේ ශ්‍රී ලංකාව 63 වැනි ස්ථානයේ සිටි බවත් ඒ මහතා කියයි.

“අපේ කලාපයේ සිටින බංගලාදේශය, නේපාලය, පකිස්තානය සහ භුතානය වැනි රවටල් අපිට වඩා ඉහළින් ඉන්නවා. ඉන්දියාව 52 වැනි ස්ථානයේ ඉන්නවා. විශාල තරඟයක් තියෙනවා.“

“පසුගිය වසරවල අපි ලබපු ජයග්‍රහණ ගැන සතුටු වෙන්න එපා කියලා මෙතන ඉන්න අයට යෝජනා කරනවා. අපේ ජයග්‍රහණ ගැන පුරසාරම් කියවන්න කළින් අපිට යන්න ගොඩක් දුර තියෙනවා“ යැයි ගෝමස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වර්ධනය ස්ථීර පදනමක් මත ගොඩනැගී නැතැයි සංචාරක කර්මාන්තයේ ජයග්‍රහණ සම්බන්ධයෙන් කළ ඇගයීම තවදුරටත් පැහැදිලි කරමින් ගෝමස් මහතා කීවේය.

“මුහුදු වෙරළ, තේ වතු සහ සංස්කෘතික ස්ථාන වැනි දෑ සම්බන්ධයෙන් අපි පුරසාරම් කියවනවා. නමුත් මම අභියෝග කරනවා. ගිහින් බලන්න ඔබට යන්න පුළුවන් සෑම වෙබ් අඩවියකටම. ගිහින් බලන්න අපේ එම ස්ථානවලට තියෙන තැන. ලෝකයේ හොඳම මුහුදු වෙරළ 85 අතරවත් අපි නැහැ.ලෝකයේ හොඳම තේ වතු 10 අතර අපි නෑ. නමුත් අපි ප්‍රවර්ධනය කරනවා“

මේ විදියට තාක්ෂණික දෑ පමණක් භාවිත කරමින් ප්‍රවර්ධන කටයුතු කළහොත් අපි ලබාගතයුතු ඉලක්කවලට යාමට අපට නොහැකි වෙනු ඇත“ යයිද කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

කිෂූ සංචාරක ව්‍යාපාරය විනිවිද දකී

ARUNALU Tuesday, 04 July 2017 10:35 AM

ජතික ලයිස්තුවෙන් පර්ලිමෙන්තුවට ගත්ත මෙලෝ රහක් නැති මහත්තුරුන්ව අයින් කරලා..... මෙතුමා වගේ දක්ෂයන්ව සුදුසු තැන්වලට පත් කරනවානම් අපේ රට ගොඩගන්න තවත් කල්තියෙනවා.

:       108       52

victor Tuesday, 04 July 2017 10:56 AM

ලංකාවේ සංචාරක අමාත්‍යාංශයේත්, සංචාරක මණ්ඩලයේත් ඉන්නේ ලෝක සංචාරක ව්‍යාපාර පිලිබදව අවබෝදයක් නැති පිරිසක්...

:       78       58

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 42 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 118 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 81 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site