විනීතා එම් ගමගේ
හම්බන්තොට වරාය ඇතුළත රුපියල් මිලියන 100 කට වැඩි වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීමට ආයෝජකයින් සුදානමින් සිටින බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි.
සිමෙන්ති, ජීව වායු, නාවිකමය ඇතුළු විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට ආයෝජකයින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම සියලූ කර්මාන්ත හම්බන්තොට වරාය ඇතුළත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මේ වසර ඇතුළත එම කර්මාන්ත බොහොමයක් ආරම්භ කිරීමට අදාළ ආයෝජකයින් කටයුතු කරනු ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වරාය හා නාවික අමාත්‍යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
රුපියල් මිලියන 100 ක ආයෝජනයක් කියන්නේ නිකන් නිකන් කජු ඇට දහයක් වගේනේ.
හම්බන්තොට වරාය විකිණීමට මෙයත් සම්බන්ධයි. බත් බැලයෙක්. මිලියන සියයක් කියන්නේ මහ මුදලක්ද
කිසිම දෙයක් ගැන අගයක් නැති මිනිස්සු.
එතකොට ඔය වාරයේ තියෙනවා කියපු ගලත් එක්කමද ගත්තේ.. මිනිස්සුන්ව තාමත් මෝඩයාට අන්දවනවා.. ගලක් තියෙනවා වටින්නේ නැ කියලා දැන් කියනවා මෙච්චර ගානකට විකුණුවා කියලා..
තවත් රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදනවා. ඕක මහා ලොකු ගානක්ද? අද ඇමතිකෙනෙක්ගේ වාහනයක අඩුම මිල රුපියල් මිලියන 50යි. කොටින්මකියනවානම් කොළඹ මහා නගරසභාවේ වැසිකිලිය අලුත්වැඩියාවට විතරක් මිලියන පහක් වියදම් කලා.
මට තියෙන ප්‍රශ්නෙ ඔය එකක්වත් නෙවෙයි. ඇයි මේ දේශපාලකයො මොනව හරි ප්‍රකාශයක් කරනකොට උඩරට නැටුමක අඩව්වක් අල්ලනව වගේ අත්දෙක විහිදවන්නෙ කියන එක!