IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශ්‍රී ලංකා-ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර ශ්‍රී ලංකා - ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ බලධාරීන් එකගතාවය පළ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.


ඉකුත් 15 වැනිදා කොළඹදී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය මෙලෙස ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීමට සහය වීමටද එකඟතාව පළ කෙරිණි.


ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂිතබව පිළිබඳ ගිවිසුමකට හැකි ඉක්මනින් එළැඹීමටද,  ශ්‍රී ලංකාවේ සිට ඕමානය වෙත කුසලතා පූර්ණ සේවකයන් යැවීම පහසු කිරීම සඳහා කුසලතා සංවර්ධනය හා අන්‍යෝන්‍ය වශයෙන් සුදුසුකම් පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් සලකා බැලීමටද දෙපාර්ශ්වය එකඟ විය.


මෙම ද්විපාර්ශ්වික උපදේශන රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරන ලද අතර ඕමාන නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් මහ්මුද් අවාද් අල් හසන් මහතා විසින් දරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙන්ම ශ්‍රී ලංකාවේ රේඛීය අමාත්‍යාංශ හා ආයතන රැසක නියෝජිතයෝද සාකච්ඡාවලට සහභාගී වූහ.


ඊට අමතරව මෙම රැස්වීමේදී  ධීවර කටයුතු, ක්‍රීඩාව, ඛනිජ තෙල් සහ ගෑස් අනාගතයේදී සහයෝගීතාව දැක්විය හැකි නව ක්ෂේත්‍ර වශයෙන් හඳුනා ගැනීම සහ පොදු අභිලාෂයන් ඉදිරියට ගෙනයෑම සඳහා කලාපීය සහ බහුපාර්ශ්වීය සංසදවලදී අඛණ්ඩව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.



අදහස් (0)

ශ්‍රී ලංකා-ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site