(හර්ෂණ තුෂාර සිල්වා)
අපනයනවලින් ලද ඉහළ ආදායම සහ ආනයන වියදම අඩුවීම හේතුවෙන් ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව මේ වසරේ පළමු මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 617ක් දක්වා අඩු වී තිබේ. එම අඩුවීම පසුගිය වසරේ ජනවාරි සහ දෙසැම්බර් මාස හා සැලකීමේදී ද සැලකිය යුතු අඩු වීමකි.
ඉකුත් වසරේ ජනවාරි මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් 701ක් ලෙස සටහන් වී තිබෙන අතර පසුගිය දෙසැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,049ක් ලෙස සටහන් වූ බව මහ බැංකුව කියයි.
ජනවාරි මාසයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව පවසයි.
පසුගිය වසර සැලකීමේදී මේ වසරේ ජනවාරි මාසයේදී අපනයන ආදයම සියයට 7.5කින් වර්ධනය වී තිබෙන අතර ආනයන වියදම සියයට 17.8කින් අඩු වී ඇත.
2018 වසරේ ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 965ක් වූ අපනයන ආදායම මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1,038ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 2,014ක් වූ ආනයන වියදම 2019 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1,655ක් දක්වා අඩු වී ඇත.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළෙඳ හිඟයේ අඩුවීමක්
sachith Thursday, 18 April 2019 07:55 AM
මේ අඩු වීමට හේතුව මොකද? වාහන ගෙන්වීම අඩු එකද? කිරිපිටි ආනයනය ඒ කලේ අඩු වීමද?
menna Saturday, 20 April 2019 11:56 AM
ලංකාව හරියට අපනයනය කරන්නේ මොනවද? කසල තේ?