නාලක සංජීව දහනායක
ඉදිකිරීම් හා අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා වැලි , මැටි සහ පස් ප‍්‍රවාහනය කිරීම සඳහා සහන ලබාදීමට කටයුතු කරන බව සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.
ගංඟා , ඇල , දොළ ආදියේ තැන්පත්වන වැලි නිධි ඉවත් කිරීම මෙන්ම වැලි මුහුදට ගසාගෙන යාම වැළැක්වීමට නිසි ක‍්‍රමවේදයක් සැකසිම තුළින් මුහුදු වැලි භාවිතයට ගැනීමේදී වැයවන පිරිවැය අවමකර ගැනීමට හැකිවන බව අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.
එමෙන්ම මැටි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පමණට මැටි ලබාගැනීමට බලපත‍්‍ර නිකුත් කිරීම පිළිබඳවද අමාත්‍යංශය අවධානය යොමුකර තිබෙන බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුවේද නිවාස පන්සල් පාසල් ග්‍රාමීය පාරවල් සදහා ඉතා හොදයි......