හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ දී ආර්ථිකය සියයට 4ට ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) පැවැසීය.
ඒ අනුව එය ඊට පුරෝකථනය කර තිබූ සියයට 4ත් 4.5ත් අතර අගයට වඩා අඩු අගයකි.
“මේ වසරේදී ආර්ථිකය සියයට 4කට වඩා වැඩි අගයකින් වර්ධනය වීමට තිබෙන්නේ ඉතා සීමිත ඉඩක්” යැයි මහ බැංකු අධිපතිවරයා කීය.මේ වසරේ පස්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම සඳහන් කළේය.
ආර්ථිකය සියයට 4ත් 4.5ත් අතර අගයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු මීට පෙර අපේක්ෂා කළේය. මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ධනය වූයේ සියයට 3.2කිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 4.0
nilantha Saturday, 04 August 2018 04:57 AM
මහ බැංකු අධිපතිගේ මෝඩකම හෝ වංචාව මේකෙන්ම පේනවා. දැන් 1000 cc වලට අඩු වාහන ගෙනැල්ල ඉවරයි. ටැක්ස් වැඩි කරන්නේ ඒවා විකුණලා දෙන්නයි. වාහන වැඩිනම් ටැක්ස් වැඩි නොකර ආනයනය නතර කරන්නයි ඕනෑ.
BanduSaturday, 04 August 2018 01:06 PM
මෝඩකම නෙමේ වංචාව, හොරු කපටි වංචාකාරයෝ, අර 250 පඩි 215% කින් වැඩිකළේ... ඔච්චර ආර්ථිකය වැටිලා නම් කොහොමද?
himalSaturday, 04 August 2018 02:55 PM
දැන් එහෙම ආනයනය නතර කළාම ඔයා ගෙන්වලා ඉවර කරලා කියන වාහන විකිණෙන්නේ නැද්ද? මෙතන කියලා තියෙන්නේ රටේ ආර්ථික වර්ධනයේ පුරෝකථනයන් ගැන. ප්‍රවෘත්තිය හරියට කියවන්න.