IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුරුංගාවලට හොඳ මිලක්

(කාංචන කුමාර ආරියදාස)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ වගා කෙරුණු සීමිත මුරුංගා අස්වැන්නට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී කිලෝවකට රුපියල් 125 සිට රුපියල් 150 දක්වා ඉහළ මිල අද (26) ලැබිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුරුංගා වගා කර ද මේ දිනවල මුරුංගා අස්වැන්න කින්නියා ප්‍රදේශයේ පමණක් ලැබීම නිසාවෙන් ලැබෙන සීමිත මුරුංගාවල සඳහා විශාල ඉල්ලුමක් පවතී .

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද 26 දින ලැබුණු සීමිත මුරුංගා කිලෝව රුපියල් 125 සිට රුපියල් 150 දක්වා වූ ඉහළ තොග මිලක් යටතේ අලෙවි වූ බවත් එම මුරුංගා තොග සිල්ලර වෙළෙඳ පොළේ කිලෝවක් රුපියල් 300 ට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

එක මුරුංගා කරලක් රුපියල් 30 ක පමණ වටිනාකමකින් යුත් තොග මිල පැවති බව දඔුලු වෙළෙන්දෝ කියති.

ඉතා සාර්ථක මුරුංගා අස්වැන්නක් කින්නියා ප්‍රදේශයේ මේ දිනවල ලැබෙන බවත් අනෙකුත් ප්‍රදේශ වල මුරුංගා මේ දිනවල මල් හට ගෙන තිබෙන බවද තව දින 15 -20 ත් පමණ ගත වෙද්දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුරුංගා අස්වනු වෙළඳපොලට ලැබෙනු ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

මුරුංගාවලට හොඳ මිලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site