පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයට’ අයත් යානයක් හෙට (04) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය.
ශීත සෘතුවත් සමඟ ආරම්භ වන සංචාරක සමයේ දී ලොට් පෝලිෂ් ගුවන් සේවය ලබන වසරේ මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් වාර තුනක් වොර්සෝ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන අතර ශ්‍රී ලංකාවට අද පැමිණෙන යානයත් සමඟ ‘ලොට් පෝලිෂ්’ ජාලයේ, ආසියාවේ හයවැනි දීර්ඝතම ගුවන් ගමන බවට ශ්‍රී ලංකාව පත්වන බව එම සමාගම කියයි.
පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ කටුනායක වෙත පැමිණෙන පළමු ගුවන් ගමනට පෝලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාචෙයි ලන්ග්, ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොවස්කි, ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජොට්, සහ ආයතනික මාධ්‍ය ප්‍රකාශක මයිකල් ශර්නිකි යන මහත්වරු සහ පෝලන්ත රූ රැජින සහ ලොට් පෝෂිල් ගුවන් සහයිකා ඔල්ගා බුලාවා මහත්මිය ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
055
COMMENTS
ඔය පොහොට්ටු කාරයන්ගෙන් අර "පෝලන්ත රූ රැජින" ආරක්ෂා කරගන්න වෙනමම හමුදාවක් දාන්න.
අපේ ශ්‍රීලන්කන් එක හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේවා අපට තියන බිස්නස්, දැන් එංගලන්තය, ජර්මනිය ඇතුළු බටහිර යුරෝපයේ රටවල් මගින් පෝලන්තය හරහා ලංකාවට ඒවි... අපේ දැනට පවතින සහ පසුගිය ආණ්ඩු එකකටවත් බැරි වුණ ශ්‍රී ලන්කන් එක ලාභ ලබන තත්වයට ගන්න. අපේ රටේ පිහිටීම අනුව අපට යුරෝපය, ගල්ෆ් කලාපය, නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව අතර හබ් එකක (කේන්ද්‍රයක්) ලෙස ක්‍රියාකරමින්, විශාල ලාභයක් උපයාගන්න පුළුවන්..., රාජ්‍ය අංශයට බැරිනම් පුද්ගලික අංශයට හරි පවරලා මේක ගොඩගන්න. මේක එමිරේට්ස් යටතේ පාලනය කරනකොට ලාභ ලබන්නත්, දැන් වර්ෂයකට රුපියල් කෝටි 2000ක විතර පාඩුවක් ලබන්නත් හේතුව, රාජ්‍ය අංශයට මේක පාලනය කරන්න බැරිකමයි. අපි රටේ දේවල් පිටට විකුණන්නේ නැහැ කියමින් පාරම්බබා ඉන්නකොට හොරුන් ඇතුලේ ඉඳන් මේක හොරාකෑවා...
වීරවංශ, ගම්මන්පිල දෙබාන මොනවා කියයිද?
වීරවංශ ගම්මන්පිල යන දෙදෙනා දැන් බැට් කරන්නේ ප්‍රවේශමෙන්, ඉස්සර වගේ අහක යන පන්දුවලට නිකන් පිත්ත දමලා දැවී යන්නේ නැහැ