IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොළොන්නරුවේ බිත්තරයක් රුපියල් 25යි


(ඩබ් ඒ පියතිලක)

පොළොන්නරුවේ අලෙවිසල්වල බිත්තරයක සිල්ලර මිල අද (17) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව පාරිභොගික ජනතාව කියති. ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇත.
 
බිත්තර වෙළඳුන් පවසා සිටින්නේ කෝවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලක පැවතිණි.
 
කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජුනි මාසයේ රුපියල් 18 ක්, ජුලි මාසයේ රුපියල් 20 දක්වාත් මිල ඉහළ යාමෙන් පසු අද වනවිට රුපියල් 23.50 දක්වා අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වන අතර මේ වනවිට එය 30% කින් පමණ පහළ බැස ඇත.
 
කොවිඩ්  ව්‍යාප්තියෙන් පසු කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා තිබේ. කෙසේවෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල  ඉහළ යෑම හේතුවෙන් බිත්තර මිල නිෂ්පාදකයින් විසින් ඉහළ දමා ඇති බව වෙළෙන්ඳෝ පවසති.
 
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පැවති පසුගිය කාලයේදී මාර්ග දෙපස වෙළෙන්ඳන් ඉතා අඩු මිලට බිත්තර අලෙවි කළ බවත්, අවදානම ඉවත්වීමත් සමග බිත්තර මිලත් ඉහළ ගිය බව පාරිභොගික ජනතාව කියති.



අදහස් (2)

පොළොන්නරුවේ බිත්තරයක් රුපියල් 25යි

කමල් Tuesday, 18 August 2020 04:38 AM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නොවේ. බඩේ බිත්තර තියාගෙන ඉන්න උදවිය සම්බන්ධ පළාතනේ...

:       0       30

chandima Thursday, 20 August 2020 10:33 PM

ටිකක් හිඟවුණාම ඔය බිත්තර මිල නංවන්න හේතුසාධක වුණු නිෂ්පාදන ලංකාවේ නිපදවයි... එදාට ගණන් බසීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site