IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය යථා තත්ත්වයට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 3.7ක් වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි.

ප්‍රතිපත්ති ප්‍රමුඛතා ආරක්ෂා කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමටත්, තරගකාරීත්වයට සහාය දෙමින් එය ශක්තිමත් කිරීමටත් සියලු දෙනාගේ සහභාගීත්වය සහිත වර්ධනය දිරිගැන්වීමටත් ආයතනික සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙලා ගොරෝතී මහත්මියගේ ප්‍රමුඛත්වයෙන් දූත පිරිසක් ජනවාරි 29 වැනිදා සිට පෙබරවාරි 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළහ.

ඔවුන්ගේ එම සංචාරය අවසානයේදී නිගමන ඇතුළත් කර වාර්තාවක් සපයමින් ඉහත කරුණු සඳහන් කර ඇත.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් පසුගිය වසරේ දී ආර්ථිකය සියයට 2.6කින් වර්ධනය වූ බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි. නිෂ්පාදන අංශය සහ සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත සේවා පසුගිය වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට සහාය දී ඇතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.

මේ වසරේදී ආර්ථිකය සියයට 3.7කින් වර්ධනය වනු ඇතැයි සංචාරක කර්මාන්තය ඊට විශාල සහයෝගයක් දෙනු ඇතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියයි.

නව කොරෝනා වයිරසයෙන් සංචාරක කර්මාන්තයට සහ අනෙකුත් ආර්ථික කටයුතුවලට එතරම් බලපෑමක් නොවනු ඇතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මෙම සංචාරයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිස ජනාධිපති ආචාර්ය ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අනෙකුත් නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්, සිවිල් සමාජය සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් ඇතුළු පිරිස් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූහ.  

055

 



අදහස් (1)

පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය යථා තත්ත්වයට

lalithm Monday, 10 February 2020 03:13 AM

මොන කෙරුමා මොනවා කිව්වත් රුපියල්, සතේට බැහැලා. පන්දාහේ කොලෙන් සිලි උරයක් පිරෙන්නවත් කෑම බීම ජාති ගන්න බැහැ. රට වටේම මුහුද... එ්ත් සිංගප්පූරුවටත් වඩා මාළු ගණන්. කන්න පුළුවන් සූඩයන් හොද්දක් විතරයි. තව ටික දවසකින් ඒකත් බැරිවෙයි. කිසිම මිනිහෙක් හිනා වෙන්නේ නැහැ. ඔලු විකල් වෙලා වගේ ඉන්නේ. මොන කතාද මේ කියන්නේ...?

:       0       154

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 283 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 410 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site