හර්ෂණ තුෂාර සිල්වා
ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8 අගයේ ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9 අගයේ ද පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 6ක අගය පවත්වාගැනීමට ද තීරණය වී තිබේ.
දේශපාලන අර්බුදය නිසා විදේශිකයන් විශාල වශයෙන් කොටස් හා බැඳුම්කර විකුණා දැමීම නිසා රුපියල මත දැඩි පීඩනයක් එල්ල වී තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එලෙස පොළී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට කටයුතු කරන බව රොයිටර් පුවත් සේවය කරන ලද මත විමසුමක් ද පෙන්වා දී තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව දේශපාලන අර්බුදය ආරම්භ වීමෙන් පසු විදේශිකයන් රුපියල් බිලියන 13.7 කොටස් විකුණා දමා ඇති අතර ඔක්තෝබර් 25 වැනිදා සිට දෙසැම්බර් 19 වැනිදා දක්වා කාලයේදී රුපියල් බිලියන 56.7ක බැඳුම්කර විකුණා දමා ඇත.
ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී රජයේ බැඳුම්කරවලින් පිටතට ගලායෑම්වල ශුද්ධ අගය රුපියල් බිලියන 149ක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනසක් නෑ
Sathyayaa Friday, 28 December 2018 11:47 PM
කණකොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටය. ජනයට තරු පෙනෙන්නේ හිරු නැති විටය. නහයට ගඳ දැනෙන්නේ.. කුණු වුණු විටය ඉහමොළ ගිනි ගන්නේ... කෙළවුණදා සිටය.