(හර්ෂණ තුෂාර සිල්වා)
ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය ඉල්ලීමක් කරයි.
ඒ අනුව මුදල් ණයට දීමේ ආඥා පනත යාවත්කාලීන කරන්නැයි ද නව ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙන එන්නැයි ද ඉල්ලන බව එම සංගමය සඳහන් කරයි.
මුදල් ණයට දීමේ ආඥා පනත ඉතා පැරැණි බවත් අදට නොගැළපෙන බවත් තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය පනත වෙනුවට නව ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙනා යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ නීති උපදේශිකා ශිරන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.
නව සංශෝධන ගෙන ඒම තුළින් දැනට තිබෙන අඩුපාඩු මඟහරවා ගත හැකි බවත් ඒ අනුව ලියාපදිංචි නොවන කිසිදු ආයතනයකට මූල්‍ය පහසුකම් ලබා දීමට නොහැකි වනු ඇති බවත් ඇය කීවාය.
‘‘1918 මුදල් ණයට දීමේ ආඥා පනත ඉතා පරණයි. ඒ වගේම මෑතකදී ගෙනාපු ක්ෂුද්‍ර මූල්‍ය පනතේ අඩුපාඩු තිබෙනවා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් තිබුණ ද තවත් පාර්ශව රැසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය දීම කරගෙන යනවා. මේ තත්ත්වය නිසා මූල්‍ය පිළිබඳව ද ජනතාව අතර කනස්සලක් ඇති වී තිබෙනවා. ඒ වගේම විශ්වාසය බිඳවැටිලා. බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ නිසා අපට විතරක් මූල්‍ය පහසුකම් ලබාදීමට හැකිවන පරිදි අදාළ සංශෝධන කරන්නැයි අපි ඉල්ලනවා. ඒ තුළින් මූල්‍ය සමාගම් නිසි පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වෙනවා’’ යැයි ද ඇය කීවය.
ඊට අමතරව දැනට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ, ණය නොගෙවීම් ආදී ප්‍රශ්නවලදී අධිකරණයට යෑම හෝ සමථ මණ්ඩලයට යෑම වෙනුවට ඒ සඳහා වෙනමම බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නැයි අපි ඉල්ලීමක් කරනවා යැයි ද ඇය තවදුරටත් පැවැසුවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ අවස්ථාව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට පමණක් ලබාදෙන්නැ