(ලලිත් නවරත්න)
මෙවර කජු අස්වැන්නෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ගොවිජනතාවගේ ආදායම සරුවී ඇතිබව එම ගොවීහු පවසති.
මෙම දිනවල අමුකජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 250 සිට 300 දක්වාත් වියළි කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 340 සිට 400 දක්වාත් මිල ගණන්වලට අලෙවිවන බව කජු ව්‍යාපාරිකයෝ පවසති.
කජුමද කිලෝග‍්‍රෑම් එකක් මේ දිනවල රුපියල් 1800 සිට 2000 දක්වා මිල ගණන්වලට අලෙවිවන අතර කජු අස්වනු නොලැබෙන කාලවලදී කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 2800 සිට 3000 දක්වා මිල ගණන් දක්වා ඉහළයන බව එම ව්‍යාපාරිකයෝ කියති.
පැවති උණුසුම් කාලගුණය අඩුවී යහපත් තත්වයකට පත්වූවානම් මෙම අස්වැන්න තවත් වැඩිවන බව ද ඔවුහු පවසති.




COMMENTS
වියට්නාමයෙන් කුණුකොල්ලෙට බාල කජු ගෙනැල්ලා අපේ කජු ගොවියා අනාථ කිරීම නවත්වන්න බැරිද?
වියට්නාම් කජු, ලංකා කජු ලේබලය යටතේ ප්‍රතිඅපනයනය කිරීම වහාම නවත්වන්න. දේශීය කජු ගොවියා රැකගන්න.
ලංකාදීපයට ස්තුති. මෙවැනි ලස්සන පින්තුර සහ ඉතා වැදගත් තොරතුරු පාටකයට ලබා දීම වෙනුවෙන්
ඉගෙනීමක් නැතිව කොහොමහරි මන්ත්‍රී පට්ටම් ඇමතිපට්ටම් ගත්තු කට්ටිය තමයි විදේශයෙන් කජු ගෙන්වන්නේ, පොල් කොයි තරම් තියෙන රටක්ද පොලුත් පිට රටින් ගේනවා , ඇත්තටම මේ දේවල් පිටරටින් ගේනකම් අපේ උගත් අගමැති දන්නේ නැත්ද? මේ දේවල් රැක ගත්තනම් කීදෙනකුට රැකියා ලැබෙනවද ?