(හර්ෂණ තුෂාර සිල්වා)
ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන සුළු වශයෙන් වැඩි වීම නිසා ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් වූයේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ අනුව ආනයනවල ඉහළ වර්ධනය හේතුවෙන් ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පුළුල් වී ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 752ක් වූ අතර එය මේ වසරේ ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 903ක් දක්වා පුළුල් වී ඇත.
පසුගිය වසරේ පළමු මාස දහයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,591ක් වූ අතර ඒ අනුව මේ වසරේ මුල් මාස දහයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 1266කින්, ඩොලර් මිලියන 8,857ක් දක්වා පුළුල් වී තිබේ.
මේ අනුව මේ වසරේ මුල් මාස දහය තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්තෝබර් මාසයේ වෙළෙඳ හිඟය පුළුල් වේ