(ඩයනා උදයංගනී)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් තවත් බදු සහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු පාර්ශව සඳහා ඉකුත් නොවැම්බරයේ සිට සරල හා විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූවත් කොවිඞ් 19 වසංගතයේ බලපෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවතත් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ බදුබර සැහැල්ලු කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් බදු සම්බන්ධ දඩ මුදල්වලින් නිදහස් කිරීමටත්, එම දඩ මුදල් නැවත අයකිරීම ජූලි මාසයේ සිට ආරම්භ කිරීමටත් රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන්ට තවත් බදු සහනදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවු බව රමේෂ් පතිරණ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව චේතනාන්විතව බදු ගෙවීම පැහැරහැරීමක් කර නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන්නේ නම් 2018/2019 තක්සේරු වර්ෂය දක්වා තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදුවලින් නිදහස් කිරීම, 2019/20 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවා ඇති ව්‍යවසායකයින්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීම, බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරය හෝ ආපසු නොගෙවන මුදල ගෙවීමට ලබාදෙන කාලය දීර්ඝ කිරීම, හිඟ සහ පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම, බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් 30 තෙක් අත්හිටුවීම, ඉකුත් මාර්තු 1 වැනිදා සිට ලබන ජූනි 30 වැනිදා දක්වා කාලයට අදාළ බදු ගෙවීම් හා බදු වාර්තා ලබාදීමට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදුකිරීමට අවසරදීම ආදී සහන ඔවුන්ට හිමිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව
ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.
වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්
මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ ව්‍යවසායකයින්ට තවත් බදු සහන‘ ‘
isuru Saturday, 27 June 2020 06:00 PM
මෙයාගේ මේ කතා කියනකොට මෙයාගේ තාත්තාගේ කතාවක් මතක් වෙනවා.
isuru Saturday, 27 June 2020 06:00 PM
මෙයාගේ මේ කතා කියනකොට මෙයාගේ තාත්තාගේ ස්වීමින් පූල් එක මතක් වෙනවා.
kawidu Saturday, 27 June 2020 06:02 PM
පතිරණ මහත්තයෝ ඔයාලගේ තාත්තලාගේ වැඩ අපිට හොඳට මතකයි හොඳේ...
rana Sunday, 28 June 2020 08:37 AM
මහත්තයෝ මා නිපදවන භාණ්ඩ ගැනීමට පාරිභෝගිකයාට මුදල් නැතිනම් හත්වලාමේ මක්කැයි කරන්නේ? පළමුව ජනතාව අතරට මුදල් යා යුතුයි නේද? ව්‍යවසායකයට මුදල් දීමේ ඵලය මක්කෙයි?