IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංචාරයට සුදුසු රටක් ලෙස පළමු තැන ලංකාවට ලැබීම ගෞරවයක්

(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක  ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැතිවරයා අද (3) විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීම උදෙසා තම රජය පූර්ණ සහය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පහත දැක්වේ.

"ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ප්‍රසිද්ධ සංචාරක සගරාවක් වන "ලෝන්ලි ප්ලැනට්" සඟරාව මේ වසර ආරම්භයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සිටි සංචාරකයන් රටින් පිටව ගියා. ඒ අවස්ථාවේ ලෝන්ලි ප්ලැනට් සඟරාව සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් ස්ථානය අපේ රටට අහිමිවී යනු ඇතැයි සියලුම දෙනා කල්පනා කළා.

නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප්‍රකාශයට පත් කර තිබුණේ ගැටළු තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතුම ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි. එය අපට ආඩම්බරයට කරුණක්.

විවිධ ගැටළු තිබුණත් ඒවා නොතකා ශ්‍රී ලංකාවේ ජනතාව සිනහමුසුව තමන්ව පිළගත් බවයි එම සඟරාව ප්‍රකාශ කර තිබෙන්නේ.  තමන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කළ බවත්, මේ වනවිට රට තුළ සංචාරය කිරීමට ගැටළුවක් නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා.

මේ තුළින් ශ්‍රී ලංකාවේ අපිට විශාල ධෛර්යක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට අපේ රජය විසින් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. එවැනි පියවර රැසක් ඉදිරියටත් ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට සංචාරක කර්මාන්තයේ නියැලෙන ලොකු කුඩා සියලුම පුද්ගලයන් ගත් උත්සාහයට මම ස්තූතිවන්ත වනවා.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු එදිනම ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදුන් පරිදි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සියලූදෙනාම අත්අඩංගුවට ගෙන මාස දෙකක් ගතවීමටත් පෙර රට නැවතත් යථාතත්වයට පත් කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශවලටත් ස්තූතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මණින් පත්වනු ඇති බව විශ්වාස කරනවා.”



අදහස් (5)

සංචාරයට සුදුසු රටක් ලෙස පළමු තැන ලංකාවට ලැබීම ගෞරවයක්

janis Wednesday, 03 July 2019 12:53 PM

ආයෙමත් මේක නැති කරගන්නේ සිරිසේන මහතා කරන වැඩ නිසායි.

:       141       209

de silva Wednesday, 03 July 2019 03:34 PM

ඔය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කිසිම ඵලදායක දෙයක් නොකර ටුවරිස්ට් බෝර්ඩ් අහෝසිකරලා දමන්න බැරිද?

:       5       319

AkilaThursday, 04 July 2019 11:11 AM

සහතික ඇත්ත, මම දැක්ක එක සංචාරකයෙක් ලංකාවේ ඇවිත් ගියතැන් වීඩියෝ කරලා දාලා තියන එකකට ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙක් කියලා තිබ්බ " මන් ලංකාවේ මෙච්චර ලස්සන වෙරළවල් තියනවා කියල දන්නේ අද... මොකද ලංකවේ ටුවරිසම් ගැන කිසිම මාකටින් එකක් එහෙ වෙන්නේ නැති නිසා කියලා..."

:       0       235

nihal Thursday, 04 July 2019 05:11 PM

බැංකු හොරා කෑම්... තම්බි මිනිසුන්ට කත් ඇදීම රටට අගෞරවයක් වෙලා...

:       1       159

Bandara Saturday, 06 July 2019 10:06 AM

රට කාලා ගෞරවයක් ගැන කතා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 76 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site