බීජිංහිදීය (ඒ.එෆ්.පී)
නීති විරෝධී ඇත්දළ වෙළෙඳාම නවතා දැමීම සඳහා සැකසූ නීතිරීති අද (1) සිට ක්‍රියාත්මක වන බව චීනය පවසයි.
අද (1) සිට නීතිය ක්‍රියාත්මක වුවද එය ඉරිදා (31) සිට බලාත්මක බව ද චීන බලධාරීහූ ප්‍රකාශ කළහ. මේ අනුව ඇත්දළ විකිණීම, ඇත් දළ මිලදී ගැනීම, ඇත් දළ ළඟ තබා ගැනීම ආදී සියල්ල චීන නීතියට පටහැනිය. ඇත්දළ නීතිය සම්බන්ධයෙන් චීනයේ වනජීවි අමාත්‍යාංශය සවිස්තර විස්තරයක් එරට ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලය වන වීබෝ ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.
එමෙන්ම රජයේ අනුමත ඇත් දළ ගනුදෙනුකරුවකු බව පවසමින් කිසිවකුටත් ඇත් දළ වෙළෙඳාමේ නිරත විය නොහැකි බව එම අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර තිබේ.
නව නීති රීතිවලට අනුව අන්තර්ජාලය ඔස්සේ චීනයේ තුළ දී මෙන්ම විදේශයක සිට ඇත්දළ වෙළෙඳාම නිරත වීම නීති විරෝධීය.
පසුගිය වසරේදී චීනය ඇත්දළ වෙළෙඳාම සම්බන්ධයෙන් අර්ධ වශයෙන් නීතිරීති ක්‍රියාත්මක කළ අතර එම කාලයේදී චීනය තුළට ගෙනා ඇත් දළ ප්‍රමාණය සියයට 80කින් පමණ අඩු වූ බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කර තිබේ.
එම කාලයේදීම අමු ඇත්දළවල දේශීය මිල ගණන් සියයට 65කින් අඩු වී තිබේ. පසුගිය වසරේ මාර්තු මාසය චීනය තුළ ඇත්දළ වෙළඳාමේ නිරත වූ කර්මාන්තශාලා 67ක් වසා දැමූ අතර තවත් කර්මාන්තශාලා 105ක් දෙසැම්බර් (31) වැනි දා වසා දමා තිබේ.
ඇත්දළ වෙනුවෙන් වසරකට අලි ඇතුන් දහස් ගණනක් මරා දමන අතර වැඩිම මිලකට අලෙවි වන්නේ අප්‍රිකානු ඇත්දළය. පසුගිය දස වසරක කාලයේදී අප්‍රිකාවේ අලිගහනය 110,000 කින් 415,000ක් දක්වා පහත වැටී ඇතැයි සොබාදහම් සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි. චීනය ලොව විශාලතම නීතිවිරෝධී ඇත්දළ වෙළෙඳපොළ ලෙස සැලකෙයි.
(055)
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ
ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 568කට අධික වටිනාකමකින් යුත් මිලියන 17කට අධික ගනුදෙනු සංඛ
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි
uduwage Tuesday, 02 January 2018 10:51 AM
ලංකාවේ ඇත්දළ පන්සල් වලට පූජා කරන උපාසක මෝඩයොත් ඒවා බාරගන්න අවිචාරවත් චීවරධාරියොත්, ඇත්දළ පූජා භාණ්ඩ ලෙස සලකා ගෞරව කරන ගොබ්බයොත් ලංකාවේ හිඟ නැහැ ! මේ වගේ නීතියක් ලංකාවෙනම් ගේන්නේ නැහැ අන්තිම දල ඇති - නැති සේරම අලි ඇතුන් ටික මරල දානකම් ...!
janahitha Wednesday, 10 January 2018 07:44 AM
මහත්ඵල මහානිසංස ලැබෙන ප්‍රකාශයක්... මතයට ගරු කරමි.
ගගන Wednesday, 03 January 2018 03:40 PM
බල්ලෝයි පූසොයි මරලා පුච්චලා කන මේ චීන රටේ මිනිස්සු ඇත් දල තහනම් කළා කියන එක පුදුම දෙයක්..