IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් සමඟ දේශීය අර්තාපල් අල සහ විදේශීය අර්තාපල් අල මිල අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ හා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

ඉන්දියාවෙන් කොටියා ලකුණ සහිත අර්තාපල් අල විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත්  ඇති බවත් එම අල කිලෝ එකක තොග  මිල රුපියල් 35ක් බවත් වෙළෙන්දෝ පවසති. දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 සිට  85 දක්වා මිලක් පවතී. එහෙත් තමන්ගේ අස්වනු වෙළෙන්දන් ලබා නොගෙන  රුපියල් 35කට ඉන්දියාවේ අර්තාපල් අල මිලදී ගන්නා බව ගොවීහු පවසති.

අර්තාපල් අල ගෙන්වන වෙළෙන්දන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියේ රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බවත්ය. ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ ලංකාවට අර්තාපල් ගෙන්වීමේදී රුපියල් 40ක පමණ පිරිවැයක් දැරීමට සිදුවුවද රුපියල් 35 ට අඩු කරගන්නේ වියදම පියවා ගැනීමට බවය.

 



අදහස් (13)

ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි

sachith Monday, 27 November 2017 06:37 AM

ඔන්න අපේ දේශපාලකයෝ... රටේ මිනිස්සුන්ට සලකන විදිහ. හැමදාම අස්වනු නෙලන කාලෙට කොමිස් කුට්ටිය ගන්න කොහෙන් හරි ඒවා ගෙනල්ලා වෙළඳපොලට දානවා. අහිංසක ගොවියෝ හැමදාම අන්ත දුප්පත් වෙලා දේශපාලකයින් පස්සේ පිහිටක් ගන්න දුවනවා. මේක ඉතින් හැමදාම කැරකෙන රෝදේනේ...

:       44       585

himal Monday, 27 November 2017 08:00 AM

අඩු මිලට අර්තාපල් ආවම ගොවියාට අසීරුයි... ඒක හරි, ඒත් පාරිභෝගිකයාට තියෙන ගැටළුවක් සඳහන් කරලා නෑනේ.

:       3       171

palitha Monday, 27 November 2017 08:01 AM

රජයක් හැටියට එහෙම තමයි ඉන්න ඕනෑ.. ඡන්දෙ දුන්නු ජනතාවටම තමයි වැඩේ දෙන්න ඕන. ගොවියාව අතරමන් කරන්න ඕන, ආනයන වැඩි කරලා අපනයන අඩු කරලා, රටේ සල්ලි පිටරටවලටම තමයි යවන්න ඕනෑ. බොහොම හොඳයි.

:       168       182

Senarath Monday, 27 November 2017 09:10 AM

මෙන්න යහපාලන රජයේ හාස්කම්. මෙයාලා හදන්නේ ගොවියට බියර් එකක් පොවලා, බ්‍රේස්ලට් එකක් බැඳලා, ලැප්ටොප් එකක් තියාගෙන, වොක්ස්වැගන් කාර් වලින් ගිහිල්ලා පිටරටින් ගෙනෙන අලගෙඩියක් කාලා දවස ගෙවන්න.

:       336       461

sam Monday, 27 November 2017 01:54 PM

මෙයට නිෂ්පාදන වියදම්, නැව් ගාස්තු, ගුදම් ගාස්තු, ආනයනික බද්ද සහ ප්‍රවාහන ගාස්තු ඇතුලත්. ඇයි අපේ රටේ හදන දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 / 85 වෙන්නේ? මේකට උත්තර හොයන්න නැතුව හැමදාම බදු ගහල එකෙන් ගොවියන්ට සහනාධාර දෙන එක වැඩක් නැහැ. එතකොට හැමදාම ගොවියෝ දුප්පත්. දේශපාලකයින්ට වාසි.

:       0       333

arnoldMonday, 27 November 2017 03:24 PM

හරියට හරි සමන්, අපේ ගොවියන්ටත් නවීන තාක්ෂණය උගන්නලා නිෂ්පාදන වියදම අඩුකරගන්න ඕනේ. රජයේ නිලධාරීන් පිටරට යවලා වැඩක් නෑ. දක්ෂ පලපුරුදු ගොවියෝ ඉන්දියාව, පාකිස්තානය වගේ රටවලට යවලා පුහුණු කරන්න ඕනෑ. මේයන වියදම දීර්ඝ කාලීන ආයෝජනයක්...

:       0       184

BamunuarachchiThursday, 30 November 2017 10:10 AM

මොන විකාරද කියවන්නේ.......එළවළු තිබිලා අපතේ යන එක නවත්තන්න පෙට්ටිවල අසුරන්න කියලා කිව්වහම ඊට විරුද්ධ වුණු මේ අයට මොන නවීන තාක්ෂණයද? ඔය ගතානුගතික විදිහට තිබුණාවේ............

:       0       2

NalendraFriday, 01 December 2017 05:07 AM

මෙතන ප්‍රශ්නේ තාක්ෂණයම නෙවෙයි. රජය කවදාවත් බීජ අර්තාපල් වල බදු අඩු කරන්නේ නෑ. බීජ අර්තාපල් 1kg ක් 240 කටත් එහා. ලංකාවේ ගුණාත්මක බැවින් යුතු බීජ අර්තාපල් තිබුනත් ආනයනික බීජ අර්තාපල් මිලට සමානවයි ඒවත් විකුනන්නේ. රජයක් විදිහට සැලසුමක් තියෙන්න ඕනේ.

:       0       0

pakaya Tuesday, 28 November 2017 07:21 AM

දිගටම මෙහෙම්ම යමු............

:       31       58

Bamunuarachchi Wednesday, 29 November 2017 12:14 PM

ඉන්දියාවේ ගෙන්වා රු.35ට අල දෙන්න පුලුවනම් අපේ රටේම නිපදවා ගන්නා අල ඔපමණ ගණන් මොකද? පරිබෝගිකයාට දොස් කියන්න එපා. අපට ලැබෙන වැටුප කීයකට වියදම් කරන්න තිබෙනවාද? අල වලට පමණක් නොවෙයි පොල් ගෙඩියකට රු. 100 අයින් කරන්න ඕනේ. හාල් කිලෝ එකකට 100 අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙන් හාල් ගෙනාවත් මිල බොහොම අඩුයි.

:       18       183

බද්රානි Thursday, 30 November 2017 02:10 PM

මිල වැඩි වුණාම රජයට බනින මිනිස්සු භාණ්ඩයක මිල අඩු වුණාමත් රජයට බනිනවා. අපේ රටේ ආණ්ඩු වල නෙමේ ප්‍රශ්නය තිබෙන්නේ, මේ රටේ මිනිසුන්ගෙයි ප්‍රශ්නය තිබෙන්නේ. පාරිභෝගිකයින්ව ගසා කාලා රොකට් වේගයෙන් ධනපති වෙන්නනේ හැමෝම හිතන්නේ. භාණ්ඩ පමණක් නොවෙයි කම්කරුවන් පවා මේ රටට ගෙන්වන වැඩ පිළිවෙලකට යන්න ඕනෑ. වැඩ කරන්නේ නැතිව මුදල් පමණක් කොල්ල කන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සුන්ට ගන්න මුදල වගතුවක් වෙයිද? හැමෝම පහසුවට දේශපාලකයින්ට දොස් නගන්න පමණක් හුරුවී සිටිනවා. නමුත් රටේ බහුතර ජනතාවගේ ක්‍රියාකාරකම් වලට ගැලපෙන හා ඉතාම සුදුසු නායකයින් මේ ප්‍රබුද්ධ ජනතාවට හිමිවී ඇති බව වැටහෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද?

:       0       2

laksman Friday, 01 December 2017 01:37 AM

ශ්‍රී ලංකාවේ ගොවින් විනාශ කිරීමට තස්ත්‍රවාදීන් වෙනත් විදියකින් ඇවිත් වගේ...............

:       1       0

Nalin Friday, 01 December 2017 07:02 AM

මෙතැනදී මීට වැඩිය එහා හිතන්න වෙනවා. ලංකාවේ අල ගොවීන් කී දෙනෙක් ඉන්නවද? අවුරුද්දකට අල කොපමණ නිපදවනවද, ඉල්ලුම කොපමණද? අල ගොවියා ගැන බලනකොට අල ගිනි ගණන් කියනවා. ලාබෙට ගෙනාවම ගොවියා අනාථ කරනවා කියනවා. ගොවියා ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වගේම පාරිභෝගිකයාගේ සාක්කුව ගැනත් හිතන්න ඕනේ. ලංකාවේ අල වල තත්වය උසස් නිසා ගාන වැඩි වුණාට කමක් නෑ. කරන්න තියන එකම දේ නිෂ්පාදනය වැඩි කරන එක තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 61 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 131 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site