IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක්

‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් 'වදුරු පැපොල' වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ ඊයේ (23) වනවිට රටවල් 75 කින් ‘වඳුරු උණ’ ආසාදිතයන් 16,000 කට වඩා වාර්තා වීමත් සමඟය‍. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බවය.

ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වයිරස ආසාදිතයන් වාර්තා වුවත්, තවමත් මරණ කිසිවක් වාර්තා වී නැත. අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට ‘වඳුරු උණ’ ආසාදිතයන් දෙදෙනකු වාර්තා වෙයි. ඔවුන් දෙදෙනා ම කේරළ ප්‍රාන්ත වැසියන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුගව සිදුවන්නේ සමලිංගිකයන් අතරේ බවත්, වයිරස ව්‍යාප්තියෙන් සියයට 95 ක් සිදුවන්නේ ලිංගික ඇසුරින් බවත් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් අනාවරණය කර තිබේ. ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ඇමෙරිකන් රජය ‘වඳුරු උණ’ සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රාන්ත මට්ටමින් ලබා දීම ආරම්භ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

‘වඳුරු උණ’ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයකි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමානය. ‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි.

මීට පෙර ද අවස්ථා කීපයකදී අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ රෝගීන් එක්කෙනා හෝ දෙදෙනා හෝ හමුවුවත්, මෙතරම් දරුණුවට ලොව පුරා ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තියක් සිදු නොවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය.

‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි. මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පැතිරෙන්නේ මෙම ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ බව තහවුරු වී අවසන්ය.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

වඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක්

sharm warn Monday, 25 July 2022 09:24 AM

හැදිච්ච එක්කෙනෙකුට බැරිද පාර්ලිමේන්තුවට යන්න? ඒකෙ ඉන්න තරමක් ඉන්නේ රිලව් වඳුරෝ... දෙපැත්තට පැන පැන ඉන්නවා. වෙන කිසි වැඩක් කරන්නෙම නැහැ. සල්ලි මිටියක් විතරයි පෙන්නන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 1769 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 154 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 113 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


නව පාප්තුමාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2025 මැයි මස 09 76 0

පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල්​ රොබට


නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 4603 4

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 3392 1

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 734 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site