IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉන්දියාවේ භූමිකාව ගැන විදෙස් ඇමැති පහදයි

බංග්ලාදේශය නිදහස් කරගැනීමේ දී දේශසීමා ආරක්ෂක බලකාය සුවිශේෂී සහ ඉතා වැදගත් භූමිකාවක් රඟ දැක් වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඉකුත් දා පැවැසීය.

පාකිස්තානය සමඟ පැවැති යුද්ධය අවසන් වී වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයක ප්‍රධාන කතාව කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඒ බව කීවේ ය.

ඉන්දු - පාකිස්තාන යුද්ධයෙන් ඉන්දියාව ජයලැබූ අතර එය බංග්ලාදේශය නිර්මාණය වීමට ද බෙහෙවින් උපකාරී විය.

වසර 1971 දී පාකිස්තානය ක්‍රියාත්මක කළ ‘සර්ච්ලයිට්’ මෙහෙයුම මෑත ඉතිහාසයේ වඩාත් බිහිසුණු සහ දරුණු අපරාධ සහ කෲර මනුෂ්‍ය ඝාතනවලට ඉතා හොඳ උදාහරණයක් යැයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවැසීය.

දේශසීමා ආරක්ෂක බලකාය මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහිදි මෙම බලකායේ සෙබළුන් අනුස්මරණය කිරීම ඔවුන්ට ගෞරව කිරීම යනාදිය ද සිදු කෙරුණි.

බංග්ලාදේශය නිදහස් කරගැනීමේ දී දේශසීමා ආරක්ෂක බලකාය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ඒ වෙනුවෙන් දිවිපිදු, ලේ වැගිරු නිලධාරීන්, සෙබළුන් ඇතුළු සියලු දෙනාට උත්තමාචාරය පිරිනමන බව ද ආචාර්ය ජයශංකර් පැවැසීය.

දේශසීමා ආරක්ෂක බලකාය සමඟ එක්වෙමින් ඉන්දීය හමුදාව 1971 වසරේ දී ලැබූ ජයග්‍රහණය බංග්ලාදේශයට උපත දුන් බව නිරන්තරයෙන් කියැවෙන්නකි.

එන්.ඩී.ටීවී. ඇසුරිනි



අදහස් (0)

ඉන්දියාවේ භූමිකාව ගැන විදෙස් ඇමැති පහදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site