රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවකින් ඇෆ්ගනිස්තානය කැලඹිණි. භූමිකම්පාව හේතුවෙන් 250කට වැඩි පිරිසක් මියගිය බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. තුවාලකරුවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
භූමිකම්පාවෙන් හානි සිදුවී ඇත්තේ ඇෆ්ගන් පාකිස්කාන දේශසීමාවේ ඇෆ්ගනිස්තානයට අයත් කූනාර් පළාතේ, නාර්ගල් දිස්ත්‍රික්කයට අයත් පළාත්වලටය. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය භූමිකම්පාව හටගත්තේ කිලෝ මීටර් 8 ක් ගැඹුරින් පිහිටා ඇතැයි පැවැසෙයි.
ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එබැවින් භූමිකම්පා හටගැනීම ස්වභාවික ක්‍රියාවලියකි. අද (1) උදෑසන හටගත් මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියකු වන පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පවා දැණුනි. ඉස්ලාමාබාද් නුවර ගොඩනැගිලි පවා භූමිකම්පාවෙන් දෙදරා ගියේය.
ප්‍රධාන භූමිකම්පාවෙන් පසු රික්ටර් පරිමාණයේ ඒකක 4.5 ක් සහ 5.2 ක් සටහන් කළ අතුරු භූමිකම්පා ද හටගත් බව පැවැසෙයි.
භූමිකම්පාවත් සමඟ නායයෑම් හටගත් බවත්, විල් සහ ගංගාවල ඉවුරු කැඩී යෑමෙන් පළාත් කීපයක ජල ගැලීම් හටගත් බවත් වාර්තා වේ. නිවාස බොහොමයක් බිමට සමතලා වී ඇති බවත්, සුන්බුන් අතරේ සිරවුණු බොහෝ දෙනකු ඒවායේ සිටින බවත් පැවැසෙයි. විපතට පත්වූවන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇෆ්ගනිස්තානය කැලඹූ භූමිකම්පාව250 ක් බිලිගනී
chinthana Monday, 01 September 2025 12:33 PM
මුදවාගන්නේ පිරිමි විතරයි වගේ...
Jayasekara Monday, 01 September 2025 12:53 PM
බාමියන් බුදුපිළිම වහන්සේ ආරක්ෂාවයි...