නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් වෙනුවෙන් එක්ව ස්ථීරව කැපවී කටයුතු කරන බව ඉන්දීය සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරු අද නැවත වරක් අවධාරණය කළහ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට ගොස් සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජපාන අමාත්‍ය ටකේෂි ඉවායා හමුවිය.
එහිදි අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දු ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් උදෙසා කැපවී නොසැලී කටයුතු කරන බව අමාත්‍යවරු දෙදෙනා අවධාරණය කළහ.
කොරියානු අර්ධද්වීපයේ සහ දකුණු චීන මුහුදු සම්බන්ධයෙන් තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන්දු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදාත්මක සහ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉන්දීය සහ ජපාන විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ අමාත්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදන බව ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සහතික වූහ.
ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් සහ සහයෝගීතාව වෙනුවෙන් වාර්ෂික ඉන්දු ජපාන සමුළුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් හදනවා
chandima Thursday, 05 September 2019 02:02 PM
අර ඒ කාලේ කෝපි කෝප්පයක් බොන ගමන් මැද්දෙන් ඉරක් අන්දලා ජර්මනිය දෙකට බෙදා ගත්තු එකේ අනික, රනිල්ට හුළං වගේ. දැන් ලංකාවට වෙන්නේ මේ ගොල්ලන්ට කුලීකාරයන් සපයන්න තමයි.