IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රංශ ඇමැති මණ්ඩලය විසිරැවෙයි

ප්‍රංශ අගමැති මැනුවෙල් වල්ස් සහ එරට ආර්ථීක අමාත්‍ය ආර්නෝද් මොන්ටිබුර් අතර ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එරට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට ප්‍රංශ අගමැතිවරයා අද (26)  තීරණය කළේය.

ප්‍රංශයේ ආර්ථීක ප්‍රතිපත්ති හේතුවෙන් එරට පාලක සමාජවාදී පක්ෂ අභ්‍යන්තරයේ ඛෙදීමක් හටගත් අතර ඒ හේතුවෙන් එරට අගමැතිවරයා සහ ආර්ථීක ඇමැතිවරයා අතර මත ගැටුමක් ඇතිවිය. ඒ හේතුකොටගෙන තම ධුරයෙන් ඉවත්වීමට ආර්ථීක ඇමැති ආර්නෝද් මොන්ටිබුර්  කටයුතු කළ අතර ඒ සමඟ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරැකියාව ඉහළ අගයක් ගැනීමත්, පහළ ආර්ථීක වර්ධන වේගයත් නිසා පාලක පක්ෂයේ ඛෙදීම් හටගත් අතර එම මත ගැටුම් නිරාකරණය කිරීමට එරට ජනපති ෆ්‍රන්සුවා ඕලොන්ද් අසමත් විය.

ප්‍රංශ අගමැති මැනුවෙල් වල්ස් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට නියමිත බවත් එහි සාමාජිකයකු නොවන බව ප්‍රංශයේ හිටපු ආර්ථීක අමාත්‍ය ආර්නෝද් මොන්ටිබුර්   ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය   වාර්තා කළේය.

පැරිස් නුවරදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

ප්‍රංශ ඇමැති මණ්ඩලය විසිරැවෙයි

උපාලි Wednesday, 27 August 2014 05:16 AM

අනේ ප්‍රංශයේ මණ්ඩලේ, ඇයි බැරිඋනාද අපේ රටෙන් පාඩමක් ඉගෙන ගන්න. බලන්න අපේ මණ්ඩලේ. මොන කචල් පිට කචල් තිබුනත් නෝ හෙල්ලුම්. (නදී)

:       0       0

සැමුවෛල් Wednesday, 27 August 2014 05:25 AM

ප්‍රංශයේ අාර්ථික ඇමති තුමා වගේ එඩිතර කෙනෙක් නැද්ද දෙවියනේ අපේ 106 දෙනා අතර "එහෙමෙ නොවෙයි සර් මෙහෙමයි වෙන්න ඕන " කියල කියන්න. (නදී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Wednesday, 27 August 2014 04:42 PM

ජේ ආර් ජයවර්දන මැති තුමා මෙම ප්‍රංශයේ ජානදිපති ක්‍රමය ලංකාවට ආදේශ කරලා ඔහු පළමු ජනාධිපති වුවා. එදා සිට අද වනතුරු ප්‍රංශයේ වාගේ වරින් වර කැබිනට් විසුරුවා හැර එක එක කාලෙට වෙනත් කැබිනට් ඇති කලේ නැහැ. , එකම දෙය අපේ රටේ කැබිනට් එක වර්ධනය කළා පැටවුන් ගහනවා වාගේ. දැන් ප්‍රංශයට තියෙන්නේ අපේ ක්‍රමය ප්‍රංශයට ආදේශ කරන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site