‘කමිසය හා කලිසම‘ නොව ‘කමිසය හා සාය‘ ඇද සේවයට වාර්තා කරනා දුම්රිය සේවකයන් පිරිසක් ගැන වාර්තා වන්නේ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නුවරිනි.
මේ දිනවල ස්ටොක්හොල්ම් නුවර පවතිනුයේ උෂ්ණාධික කාලගුණයකි.මේ ගිනි රස්නයේ දිග කලිසම් හා කමිස ඇද සේවයට වාර්තා කළ නොහැකි යැයි මේ සේවක පිරිස සිය බළධාරිීන්ට පවසා ඇත. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මේ දිනවලට පමණක් දිග කලිසම් වෙනුවට කොට කලිසම් හා කමිස ඇද සේවයට වාර්තා කිරීමට අවසර ලබා ගැනීමයි. එහෙත් කොට කලිසම් කිසිසේත් රාජකාරියට නොගැලපෙන බව පවසා ඇති බළධාරීන් සේවක ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබේ.
බළධාරීන්ගේ තීරණයට හිස නමා දිග කලිසම් ඇද සේවයට පැමිණීම වෙනුවට සේවක පිරිස කර ඇත්තේ කාන්තා සාය හා කමිස වලින් සැරසී සේවයට වාර්තා කිරීමයි.පුදුමයකට මෙන් සේවකයන්ගේ මේ නව ‘නිල ඇදුමට‘ බළධාරිීන්ගෙන් විරෝධයක් එල්ල වී නොමැත.
සාය ඇදීමෙන් කලිසම් අදිනවාට වඩා වැඩි පහසුවක් දැනෙන බව සේවක පිරිස පවසයි.කෙසේ වුවත් දුම්රිය මගීන් නම් තමන් දෙස බලන්නේ සැකයෙන් බව ඔවුන් කියයි.
COMMENTS
ආදරණීය රූපා අක්කේ, යුරෝපීය රටවලට, ආසියාවේ චීනය,කොරියාව,ජපානය,ඔස්ට්‍රේලියාව ,ආදී රටවලට සෘතු 4 ක් තියෙනවා. ඒ කාලෙට උචිත ඇඳුම් ඒ ඇත්තෝ අඳිනවා. නමුත් කාර්යාල සේවකයෝ කවදත් වැදගත් ඇඳුම් අඳින්නේ ග්‍රීෂ්ම කාලයේ අපට නැති උනත්,දුම්රිය,බස්,කාර්යාල වල වායු සමීකරණ ඇති නිසා ජපානයේ නම් අධික උෂ්ණය නිසා "ගෝල්ඩන් වීක් " සතියක්ම නිවාඩු. මේ වකවානුවේ ස්ත්‍රී/පුරුෂ ඇඳුම් ගැන නම් කියලා වැඩක් නැහැ. ලාංකිකිකයෝ හැටියට අපිට තියෙනවා සදා චාරයක්. කොට කලිසමෙන්, කොට සායෙන්,ශ් රිපාදේ, සීගිරි, දඹුලු නගිනවාද? මගුල් ගෙදර ඇඳුමින් , මරණ ගෙදරකට යනවාද ? නයිටියෙන් පාසලට ,පන්සලට ,උසාවියට යනවාද ? මේවා වුර්තීය සමිති ඉල්ලීම් වලට වඩා වස්ත්‍රය තමා තමාගේ ආභරණය ,හා මණින , සදාචාරය! පරණ කතාවක් තියෙනවා ! අඹු ඩය ගහනකොට, කියන්නම් නාන ගණන කියලා.(නදී)
අධික උෂ්ණය, පිරිමි කියලා නිදහසට කාරණා බැහැ. සායක් ඇන්දානම් ,නිල ඇඳුමක් නිසා යට සායක් ද අනිවාර්යයෙන් ඇඳිය යුතුයි .එසේ නැත්නම් බලධාරීනි ,අනුමත කරන්න එපා. සිගරට් එකකින් හෝ සාය පුච්චගත්තා නම් පවුල ගෙන් ගුටිම තමා.(නදී)
කොන්ඩෙත් වවල,ගොතල දැම්මා නම් නියමෙට තියෙයි දැන් කොල්ලෝ කරාබුත් දානවනේ නේද ?(නදි)
අපි ගැහැණු කලිසම ඇන්දම , අපිට පන්සලකට ,උසාවියකට ,පාසලකට යන්න බැහැ ඒ ඇදුමින්.අවසර නැහැ.ඒ වගේම සායයි , සාරියයි ඇදන් එන පිරිමින්ටත් , උසාවියටයි ,පන්සලටයි,පාසලටයි යෑම සපුරා තහනම් කළ යුතුයි. අසව් ...!අසව් ....!බලධාරිනි .....!විශේෂයෙන් ,කමල් ,ගාමිණී ,මංජුල ,තුන්දෙනාට (නි)
චන්දි, රජ කාලේ පිරිමි තමා කරාබු දැම්මේ. පසුව කාන්තාවන් දාන්න ගත්තහම පිරිමි කරාබු දාන එක අඩුකලා (නි)
සමහරු සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කැමතියිනේ. (නි)
දියව් දියව් සාය දියව්!. දියව් දියව් සාරි දියව්!, ඇයි ගෑණුන්ට විතරද සාය හෝ සාරිය අදින්න පුළුවන්, පුරුෂ අපටත් සම අයිතිවාසිකම් ඕනෑ.(නදී)
සරම පුරුදු කලානම් හරි.(ස)