ගෙවී ගිය වසර ඇතුළත ඉන්දියාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට පහකට පමණක් සීමා වූ බව අලුත්ම ප්‍රකාශන මගින් පෙන්නුම් කරයි.
එය මීට අවුරුදු පහකට පෙර වාර්තා වූ සියයට දහයකට ආසන්න ආර්ථික සංවර්ධන අනුපාතයට සාපේක්ෂව විශාල මට්ටමේ අවපාතයක්.
ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහි විශ්වාසය පහත වැටීම, අධි උද්ධමනය, ආයෝජන පහත වැටීම, ඉන්දියානු අපනයන සඳහා යුරෝපා රටවල තිබුන ඉල්ලුම පහත වැටීම ආදී කරුණු ඉහත කී ආර්ථික සංවර්ධන අවපාතයට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්නුම්කරයි.
අවුරුදු දහයක කාල පරාසයක් ඇතුළත ඉන්දියාවේ දක්නට ලැබෙන පහළම ආර්ථික වර්ධන වේගය මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ආර්ථිකය අපේ ආර්ථිකයට සමානයි. ඉතා පොහොසත් කීප දෙනෙක් අතරේ දනය බෙදී ගිහින්. ශක්තිමත් මධ්‍යම පන්තියක් නැහැ. එහෙම උනහම ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. යුරෝපෙයේ , ජපානයේ , ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ ශක්තිමත් මධ්‍යම පන්තියක් තිබෙනවා. එම නිසා කොපමණ ආර්ථික භාදක ආවත් ආර්ථිකය හෙමින් හෙමින් හරි වර්ධනය වෙනවා.(නදී)