IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිරියානු හමුදා - ජිහාද්වාදීන් ගැටුම්වලින් 43 ක් මරුට

බීරූට්හිදීය (ඒ.එෆ්.පී)

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී සිරියානු රජයේ හමුදා සහ ජිහාද්වාදීන් අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් 43 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. 

සිරියානු රජයේ හමුදා සහ රුසියානු හමුදා පසුගිය දින කිහිපයේදීම ජිහාද්වාදීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ද එම සංවිධානය කීය. 

ජිහාද්වාදීන් ද සිරියාවේ ස්ථාපිත රුසියානු ගුවන් කඳවුරක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට රුසියානු හමුදා සමත්විය. ජිහාද් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු වූයේ නැතැයි ඒ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. 

මරුමුවට පත්වූ අය අතර රජයට හිතවත් සටන්කාමීන් 22 කු සිටින බව ද සිරියාවේ උතුරු පෙදෙසට වන්න පිහිටි හමා පළාතේ දරුණු ගැටුම් ඇවිළී ඇතැයි ද බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. 

අල් කයිඩා සංවිධානයේ කලින් පැවැති සිරියානු ශාඛාව වූ හයත් තහ්රිර් අල් ෂාම් (එච්.ටී.එස්) සහ එහි ‘ටර්කිස්තාන් ඉස්ලාමීය පක්ෂයේ’ ආධාරකරුවන් ඇතුළු ජිහාද් සටන්කාමීන් 21 දෙනකු මියගිය බව ද එම සංවිධානය පැවැසීය. 

055



අදහස් (0)

සිරියානු හමුදා - ජිහාද්වාදීන් ගැටුම්වලින් 43 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site