හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 1,645 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව දේශසීමා හරහා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දෙන්නේ මිසයිල, රොකට් ප්‍රහාර ආදිය භාවිතයට ගනිමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර 650 කට වැඩි ගණනක් එල්ල කර ඇති බවය. ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන්නේ දකුණු දිග සහ නැගෙහිර ලෙබනනයේ ඉලක්කවලටය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
සුරෛන් Tuesday, 24 September 2024 11:13 AM
ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් විනාස කරන්න ඔනෙ ලෝකයට සාමය ගෙන්න නම් ලන්කාව හොදම උදාහරනය