IMG-LOGO

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ට්‍රක් රියදුරෙක් වෙලා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද සමුගත් ඩේවිඩ් කැමරන්, යුක්රේන යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පලා යා යුක්රේන වැසියන්ගේ පිහිටට ඉදිරිපත් වී සිටී. ඒ ට්‍රක් රථ රියදුරකු ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැලඳුම් ආදිය රැගෙන යමිනි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහායට ඔහුගේ සමීපතමයන් දෙදෙනකු ද ට්‍රක් රියෙන් ගමන් කරන බව බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කරයි.

දේශපාලනයට සමුදිමෙන් පසු කැමරන් සමාජ ක්‍රියාකාරියකු ලෙස විවිධාකාරයේ සමාජ සත්කාර වැඩසටහන්වලට සම්බන්ධ වී සිටී.

මේ මොහොතේ ඔහු යුක්රේනය වැසියන්ට ආධාර රැගෙන යන්නේ 'චිපි ලැඩර්' නමැති බටහිර ඔක්ස්ෆර්ඩ්ෂයර්හි ක්‍රියාත්මක ආහාර වැඩසටහන සමඟ එක්වෙමිනි.

පෝලන්තය යනු යුක්රේනයේ අසල්වැසියාය. පෝලන්තයට පැමිණි යුක්රේන සරණාගතයන්ගේ තත්ත්වය ඛේදනීය බවත් ඔවුන්ට බ්‍රිතාන්‍ය වැසියන්ගේ සහාය අවශ්‍ය බවත් කැමරන් ස්කයි නිවුස් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.

මේ අතර, මාධ්‍ය කළ අදහස් විමසුමකදී බ්‍රිතාන්‍ය වැසියන් වැඩි දෙනා පවසා ඇත්තේ තමන් ඕනෑම අවස්ථාවක යුක්රේන සරණාගතයන් වෙනුවෙන් තම නිවසේ දොර විවෘත බවය.

(ස්කයි නිවුස්)



අදහස් (1)

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ට්‍රක් රියදුරෙක් වෙලා

Perera Monday, 21 March 2022 11:43 PM

ලංකාවේ හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු පාර්ලිමේන්තුව ඇතුලේම කුණු වෙවී ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 784 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site