IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


සී.අයි.ඒ අධ්‍යක්ෂ මයික් කිම් ජොන්ග් උන් හමුවෙයි

සී.අයි.ඒ අධ්‍යක්ෂ මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කරමින් එරට නායක කිම් ජොන්ග් උන් හමු වී සාකච්ඡා කළ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (18) අනාවරණය කළේය.
 
මයික් පොම්පේයෝ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයෙක් ලෙසිනි. මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කර ඇත්තේ පසුගිය සතියේ වන අතර ඒ අනුව ඔහු උතුරු කොරියාවේ සංචාරයේ ඉහළම ඇමෙරිකා එක්සත් රාජ්‍ය නිලධාරිය යැයි ද විදෙස් වාර්තා සඳහන් කළේය.
 
මෙම සංචාරයේදී මයික් පොම්පේයෝ උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත හමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
 
“පසුගිය සතියේදී මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කරමින් එරට නායක කිම් ජොන් උන් හමුවුණා. එම හමුව හොඳින් අවසන් වුණා පමණක් නොව හොඳ සබඳතාවක් ද ඇති කරගත්තා. හමුවේ තොරතුරු දැන් සැකසෙමින් තිබෙනවා. න්‍යෂ්ටික අවිහරණය ලෝකයට ඉතා සුවිශේෂී සහ වැදගත් දෙයක්. ලෝකයට පමණක් නොව එය උතුරු කොරියාවටත් ඉතා වැදගත්” යැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීය. 
 
 
055



අදහස් (0)

සී.අයි.ඒ අධ්‍යක්ෂ මයික් කිම් ජොන්ග් උන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site