IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සවුදි මිත්‍ර හමුදාව හවුති සිරකරුවන් 200දෙනෙකු නිදහස් කරති

සවුදි මිත්‍ර හමුදා පාර්ශවය විසින් හවුති සිරකරුවන් 200ක් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

 යේමනයේ වසර පහකට අධික කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස මෙම පියවර අනුගමනය කර ඇත.
 
මේ සම්බන්දව අදහස් දක්වමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියා සිටියේ රැඳවියන් 200ක් නිදහස් කරන බව තමන්ට ද දැනුම් දී ඇති බවයි.
 
රැඳවිහන් සඳහා පහසුකම් සැපයීමට සූදානම් බවද රතු කුරුස සංවිධානය පවසයි.  මෙම පියවර අගය කරන බවත් ඉතිරි සිරකරුවන් ද නිදහස් කරන ලෙසත් හවුති උසස් නිලධාරියෙකු ඉල්ලා ඇත.
 
 සටන් විරාමයක් සම්බන්දයෙන් සවුදි අරාබිය හවුති සංවිධානය සමග පසුගිය සැප්තැම්බර් මස අග සිට සාකච්ඡා පවත්වමින් සිටියි.
 
 යේමනයේ අර්බුදය විසඳිම සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම ඇතුළු ස්ටොක්හෝම් ගිවිසුම ඉදිරියට ගෙනයෑම සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන බවද සවුදි අරාබිය පවසයි. 
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

සවුදි මිත්‍ර හමුදාව හවුති සිරකරුවන් 200දෙනෙකු නිදහස් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 766 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site