IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ස්වීඩනයේ අගනුවර පිපිරිමක්

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ. ජනතාව පදිංචිව සිටින ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව තිබෙන අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුව නැතැයි ද වාර්තා වේ. 

ස්වීඩනයේ සිටින අපරාධකරුවන් අත් බෝම්බ සහ හමුදා භාවිත කරන පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් වසර කිහිපයක සිට බෝම්බ ප්‍රහාර එල්ල කරන අතර මෙය ද එවැනි සිදුවීමක් බවට සැක කරයි. 

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසට හානි සිදු වී ඇති අතර වීදුරු කැබැලි සහ සුන්බුන් බිම වැටී තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද ස්වීඩන මාධ්‍ය වාර්තා කළේය. 

 

ගොඩනැගිල්ල ආසන්නයේ තිබූ මෝටර් රථ කිහිපයකට ද හානි සිදු වී තිබෙන අතර පිපිරීමේ අරමුණ හෝ එය කර ඇත්තේ කවුරුන්ද යන වගක් හෝ මෙතෙක් අනාවරණය වී නැත.

“පිපිරීම සිදුවුණේ ගොඩනැගිල්ල තුළ ද ඉන් පිටත ද කියලා තාම හරියටම කියන්න බැහැ” යැයි පොලිස් ප්‍රකාශිකාව එරට පුවත්පතකට පැවැසුවාය.  

ස්වීඩන වේලාවෙන් අලුයම එකට පමණ මෙම පිපිරීම සිදුව තිබෙන අතර ඒ අවස්ථාවේදීම අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරිහු පියවර ගත්හ. 

පිපිරීම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද ස්වීඩන පොලිසිය පියවර ගෙන ඇත. 

ඉන් පැය දෙකකට පසු අලුයම තුනට පමණ උප්සාලාහි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් ආසන්නයේදී ද පිපිරීමක් සිදුව ඇත. උප්සාලා යනු ස්ටොක්හෝම් අගනුවරට කිලෝමීටර 70ක් උතුරින් පිහිටි නගරයකි. පිපිරීම් දෙක අතර සම්බන්ධයක් නැතැයි ද පිපිරීමෙන් කිසිවකුත් තුවාල ලබා නැතැයි ද බලධාරීහු කීහ. 

ස්වීඩනය යනු ලොව ධනවත්ම ජාතීන්ගෙන් එකක් වන අතර අනෙකුත් බටහිර රටවල් හා සැසඳීමේදී ස්වීඩනයේ ප්‍රචණ්ඩත්වය ඉතා පහළ මට්ටමක පවතී. 

කෙසේ නමුත් ‘නෝඩික්’ රටක් වන ස්වීඩනය තුළින් පසුගිය වසර කිහිපයේදී මැර කල්ලි සම්බන්ධිත ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් වාර්තා විය. මෙම මැර කල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම් හා ජාවාරම්කරුවන්ට සම්බන්ධ යැයි ද පැවැසේ. 

වෙඩි තැබීමේ සිදුවීම් නිසා සෑම වසරකදීම පාහේ ස්වීඩනයේ 20කට 25ක ආසන්න පිරිසකට ජීවිත අහිමි වේ. විශේෂයෙන්ම මැර කල්ලි අතර පවතින ගැටුම් නිසා එසේ වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා වන අතර එකිනෙකා බියගැන්වීම සඳහා ඔවුහු පිපිරීම් ද සිදු කරති. 

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා පිපිරීම් සිදුවීම් 236ක් වාර්තා වී ඇතැයි අපරාධ වැළැක්වීම සඳහා වන ස්වීඩන ජාතික කවුන්සිලය සඳහන් කරයි. කෙසේ නමුත් මෙම සිදුවීම්වලින් බරපතළ තුවාල සිදුවීම් වාර්තා වන්නේ අතළොස්සකි.

 

ඒ.එෆ්.පී.  

(055)



අදහස් (1)

ස්වීඩනයේ අගනුවර පිපිරිමක්

රවින් Tuesday, 14 January 2020 04:39 AM

ඇයි ඉතින් මෙහෙ හිටපු ලෝකේ දරුණු යයි ගණන් ගැනුණු කට්ටියට අසල් වැසියෝ සප් එක දුන්නා නේද?

:       7       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 589 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site