
ප්‍රචණ්ඩ හිම කුණාටුක් ස්වීඩනයට කඩා වැදුණි. තද සුළං ද සමඟ කඩා වැදුණු මෙම හිම කුණාටුවට හසුවීමෙන් කුඩා දරුවකු ද ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ස්වීඩන බලධාරීහු පැවැසූහ.
කාලගුණ විද්‍යාඥයන් මෙම හිම කණාටුව නම් කර ඇත්තේ ජොහැනස් යනුවෙනි. අධික හිම පතනය හේතුවෙන් මාර්ග රැසක් හිමෙන් වැසී ගොස් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ බව පැවැසෙයි. ගුවන් ගමනවලට ද බාධා එල්ල වී ඇත.
ස්වීඩන මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට 44,000 කට විදුලි බලය අහිමි වී ඇති බවය.
ස්වීඩනයට අමතරව, නෝර්වේ රාජ්‍යයට ද මෙම හිම කුණාටුවෙන් හානි සිදුවී ඇතැයි පැවැසෙයි. අයහපත් කාලගුණය නිසා අනතුරු 200 කට වැඩි ගණනක් වාර්තා වන බව නොර්වේ බලධාරීන් පවසා ඇත. නෝර්වේ රාජ්‍යයේ නෝර්ඩ්ලෑන්ඩ් පළාතේ නිවාස 23,000 කට විදුලිය බලය නොමැති බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්වීඩනයට ප්‍රචණ්ඩ හිම කුණාටුවක් කඩාවදී