සෝමාලියානු ආරක්ෂක අංශ සහ අල් ෂබාබ් සටන්කරුවන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී එම සංවිධානයේ තුවක්කුකරුවන් 5 දෙනකු මියගිය බව එරට පොලිසිය පවසයි.
අඟහරුවාදා (9) රාත්‍රියේ මොගඩිෂු හි ජනාධිපති නිවස අසළ හෝටලයකට පහරදී සිවිල් වැසියන් තිදෙනකු සහ සෙබළුන් දෙදෙනකු ඝාතනය කළ තුවක්කුකරුවන් පිරිසකට මෙලෙස ආරක්ෂක අංශ වෙඩි තබා තිබේ.
ප්‍රහාරයෙන් 11 දෙනකු තුවාල ලබා ඇත. ප්‍රහාරය අතරතුර සිල් හෝටලයේ රැඳී සිටි නිලධාරීන් ඇතුළු 82දෙනකු බේරාගත් බව පොලිසිය සඳහන් කරයි.
ජනාධිපති නිවස අසළ හෝටලයට ප්‍රහාර එල්ල කළේ තම සංවිධානයේ සටන්කරුවන් බව අල් ෂබාබ් සංවිධානය නිවේදනය කර ඇත.
අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමිය සටන්කාමී කණ්ඩායමක් වන අල් ෂබාබ්, සෝමාලියාවේ රජය පෙරළා දැමීමේ අරමුණින් සටන් මෙහෙයවති.
කලක් සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළ ඔවුහු 2011 වසරේදී මොගඩිෂු වෙතින් පලවා හැරියද සෝමාලියාවේ හා කෙන්යාවේ ස්ථාන වලට නිරන්තරයෙන් පහර දෙති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සෝමාලියාවේ මොගඩිෂු හි හෝටලයකට පහරදුන් 5 දෙනා මරා දමයි