IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සුඩානයේ හිටපු ජනාධිපතිට වසර 2ක සිර දඬුවමක්

අල්ලස්, දූෂණ සහ විදේශ මුදල් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරු වූ සුඩානයේ හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇත.

75හැවිරිදි බෂීර්ගේ වයස හේතුවෙන් ඔහු බන්ධනාගාරයකට නොයවා ප්‍රතිසංසකරණ මධ්‍යස්ථානයකට යවන බව විනිසුරුවරයා පැවසීය.

බෂීර්ගේ නිවසේ තිබී සොයාගත් යූරෝ මිලියන ගණනක් සහ සුඩාන පවුම් රාජසන්තක කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

සුඩානයේ ඩාර්ෆූර් කලාපයේ යුද අපරාධ සහ ජන සංහාර යන චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ද බෂීර්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ.

සාම්ප්‍රදායික සුදු වස්ත්‍ර හා හිස් වැස්මක් පැළඳ සිටි බෂීර්, විනිසුරුවරයා තීන්දුව කියවන විට විත්ති කූඩුවේ සිට නිහඬව බලා සිටියේය.

හිටපු ජනපති බෂීර්ට එරෙහිව සුඩාන අධිකරණයේ  තවත් නඩු කිහිපයක් ආරම්භ කර තිබේ.

ඔමාර් බෂීර්ගේ දශක තුනක පාලනයට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති වීථි විරෝධතා වලින් පසුව පසුගිය අප්‍රේල් මාසයේදි ඔහුව නෙරපා හරින ලදී.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

සුඩානයේ හිටපු ජනාධිපතිට වසර 2ක සිර දඬුවමක්

isurandi Sunday, 15 December 2019 04:56 AM

ඕවා කාට කාටත් හොද පාඩම්. විශේෂයෙන් අපේ රටේ උදවියටත් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 603 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 491 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site