IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


වයිසරය ආසාදිතවූවන් වෙනුවෙන් පාප්තුමෝ යාච්ඥා කරති

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සහ රෝගී වූ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.

මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1,300 ඉක්මවා ගොස් ඇත.

‘‘මේ ක්‍රෑර රෝගයෙන් පීඩා විඳින අපේ චීන සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි අද යාඥා කරනවා’’ යැයි පාප්තුමෝ කීහ.

‘‘ඔවුන් ඉක්මනින් නිරෝගී වීමේ මාර්ගය සොයාගනිවී’’ යැයි ද වතිකානයේදී සතිපතා පැවැත්වෙන දේව මෙහෙයට එක්වෙමින් පාප්තුමෝ පැවැසූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වයිරසය ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කරන ලද අතර මේ මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇත.

කොරෝනා වයිරසයට ගොදුරු වූ බොහෝ දෙනා වයස අවුරුදු 60ට වැඩි හෝ දැනටමත් විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින හෝ දුර්වල අය වෙති.

(ඒ.එෆ්.පී)

055



අදහස් (3)

වයිසරය ආසාදිතවූවන් වෙනුවෙන් පාප්තුමෝ යාච්ඥා කරති

eresh S kumara Thursday, 13 February 2020 10:40 AM

වයස අවුරුදු 60ට වැඩි හෝ දැනටමත් විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින හෝ දුර්වල අයවලුන් ඉලක්ක කරගෙන කූට කුමන්ත්‍රණයක් විදියට වයිරසය එළිදැක්කා වෙන්න බැරිද?

:       0       1

NimalThursday, 13 February 2020 01:07 PM

ඔබතුමාගේ අදහස සම්බන්ධයෙන් බොහෝදුරට සලකා බැලිය යුතු වෙනවා. මෙවැනි ඉතා දරුණු වයිරසයක් 2019 දෙසැම්බර් අග වෙනකොට එකපාරටම එළියට ආවේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්...

:       0       1

hira Friday, 14 February 2020 07:41 AM

යාච්ඥා කර කර ඉන්න වෙලාවක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 536 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site