IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකානු ජාතික විද්‍යාඥයෝ දෙදෙනක් සහ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙක් සමත්වූහ.

හෙපටයිටිස් සී වයිරසය හඳුනාගැනීම වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට එලෙස වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමුණි.

ඒ අනුව විද්‍යාඥයන් වන හාර්වි අල්ටර්, චාර්ල්ස් රයිස් සහ බ්‍රිටන් මයිකල් යන මහත්වරුන්ට මෙලෙස නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

‘‘ඔවුන්ගේ සොයාගැනීම්වලට පෙර හෙපටයිටිස් ඒ සහ බී සොයාගැනීම ද තීරණාත්මක පියවරක්’’ යැයි මෙවර නොබෙල් ත්‍යාගලාභීන් නිවේදනය කරමින් නොබෙල් කමිටුව සඳහන් කළේය.

නොබෙල් ත්‍යාගයට අමතරව ඔවුන් තිදෙනා අතරේ ස්වීඩන ක්‍රවුන් මිලියන දහයක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1ක්) බෙදී යයි.

සැලසුම් කළ පරිදි නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ වුණ ද නව කොරෝනා වයිරස වසංගතයෙන් ඊට ද බලපෑම් එල්ල විය.

ඔක්තෝබර් මාසයේදී නොබෙල් ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව දෙසැම්බර් මාසයේදී විශේෂ උත්සවයක් පැවැත්වේ. මෙය සාම්ප්‍රදායික උත්සවයක් වන අතර මෙම උත්සවය නොබෙල් ත්‍යාගය ප්‍රදානයේ ක්‍රියාවලියේ ප්‍රධානම අංගය වේ.

නොබෙල් ත්‍යාග, පදක්කම් සහ ඩිප්ලෝමා ප්‍රදානය වෙනුවෙන් මෙවර කිසිදු උත්සවයක් ස්ටොක්හෝම්හිදි නොපැවැත්වෙන අතර ඒවා සංකේතවත් කරමින් විඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සව පැවැත්වෙනු ඇත.

ලබන වසර (2021) වනවිට නව කොරෝනා වයිරස වසංගතය පාලනය වී ඇතැයි සලකා ලබන වසරේ පැවැත්වෙන උත්සවයට සහභාගී වන්නැයි මෙවර සම්මානලාභීන්ට දැනටමත් ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ වූයේ 1901 වසරේදී ය. මුලින්ම නොබෙල් ත්‍යාගයක් පිරිනැමුණේ වෛද්‍ය විද්‍යා අංශයෙනි. ඉන් අනතුරුව විද්‍යාව, සාමය සහ සාහිත්‍ය යන අංශවලින් සුවිශේෂී ජයග්‍රහණය ලැබූවන්ට වාර්ෂිකව මෙම සම්මාන පිරිනැමුණි.

ස්වීඩන ජාතික නවෝත්පාදකයකු සහ ව්‍යාපාරිකයකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ වුවමනාව මත නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ විය.

රොයිටර්

055



අදහස් (0)

වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site